ව්‍යාජ ලේඛන සකස් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

කූඨ ලේඛන සකස් කළ පුද්ගලයෙකු මහනුවර විශේෂ අපරාධ විමර්ශන අංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ

අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයකුගේ නිල නාමය, තනතුර හා අමාත්‍යංශයේ ලිපි ශීර්ෂ ව්‍යාජ ලෙස යොදා කූඨ ලේඛන සකස් කර මහනුවර ප්‍රදේශයේ බාලිකා විද්‍යාලයකට ළමයින් 29 දෙනෙකු ඇතුළත් කර වංචාවක් සිදු කර ඇති බව පොලිසිය පැවසුවේ.

අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයකු විසින් මෙම පැමිණිල්ල සිදු කර ඇති අතර ඒ සම්බන්ධව විමර්ශන ආරම්භ කර තිබෙනවා.

සැකකරු වයස අවුරුදු 45ක් වූ මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු අද මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?