වැල්ලවාය ඇල්ල මාර්ගයේ හතරේ කනුව රක්ෂිතයේ ගින්නක්

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොඨාශයට අයත් වැල්ලවාය ඇල්ල මාර්ගය අසල පිහිටා ඇති හතරේ කණුව කදු රක්ෂිතයේ ඊයේ පස්වරුවේ දී ගින්නක් හටගෙන තිබේ.

එම ගින්න ඊයේ රාත්‍රි පුරාවටම රක්ෂිතයේ පැතිර ගොස් ඇති අතර එම නිසා රක්ෂිතයේ අක්කර පහකට වඩා ගිනිගෙන විනාශ වී ඇත.

ප්‍රදේශයට පවතින දැඩි වියලි කාලගුණය සහ සුලං තත්ත්වය නිසා ගින්න වේගයෙන් පැතිර ගොස් ඇති අතර අද උදෑසන වන විට ගින්න සම්පූර්ණයෙන්ම පාලනය වී තිබිණි.

ගින්න නිසා රක්ෂිතයේ තිබූ ඉපැරැණි ශාක සහ වනසතුන් රැසක්ම විනාශ වී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?