මෙරට නිපදවන ලද ගිනි අවියක් ළග තබා ගෙන සිටි පුද්ගලයෙකුව ගිරිල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා
පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ මීවැල්ලාව – කරුවලගස්අගාර පදිංචි පුද්ගලයෙක්.
ඉකුත් 22 වෙනිදා රාත්රී 9.40 ට පමණ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ
සැකකරු ගිනි අවිය ළග තබා ගෙන සිට ඇත්තේ කුමන හේතුවක් සදහාද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බව ගිරිල්ල පොලීසිය කියයි.
සැකකරු නිකවැරටිය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
