සුවසැරියේ හෙඳ සහායකට නොමනා ලෙස සැලකූ මාළු ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට

සුවසැරිය ගිලන් රථ හෙද සහායකට පහරදුන් බවට ලද පැමිණිල්ලක් අනුව බේරුවල ප්‍රදේශයේ මාළු ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගත්බව බේරුවල පොලිසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බේරුවල නල්ලහේන ප්‍රදේශයේ පදිංචි 40හැව්රිදි පුද්ගලයකු බව පොලිසිය පැවසීය.

මසුන් මැරීම සදහා බේරුවල ධීවර වරායෙන් මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රාවක ධිවරයෙකු පෙරේදා (20) පස්වරුවේ මුහුද මැදදී අසනීපව ඇත. ඒ බව දැනුම් දීමෙන් පසු 1990 සුවසැරිය ඉක්මනින් චීන වරායට ළගාවී තිබේ.

අසනීප ධීවරයා රැගත් යාත්‍රාව ගාල් කරන ස්ථානයේ වෙනත් යාත්‍රාවක් ගාල්කර තිබී ඇති බැවින් ජැටියට ගැනීමට බොහෝ වේලාවක් ප්‍රමාදවී ඇත.

එහිදී ප්‍රමාදවිම සම්බන්දයෙන් ධීවරයින් පිරිසක් සහ ගිලන් රථ සෞඛ්‍ය සේවකයින් අතර වචන හුවමාරුවක් සිදුවීමෙන් පසු ගිලන්‍ රිය පිටව ගොස් තිබේ.

පසුව පෞද්ගලික වාහනයකින් රෝහල් ගතකල ධීවරයා අසාධ්‍ය තත්ත්වයෙන් කළුතර ශීක්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව සදහන් වේ.

ගිලන් රථය බේරුවල ප්‍රදේශයේ විහාරස්ථානයක ගාල්කර තබන අතර , එදින රාත්‍රියේ ධීවර යාත්‍රා හිමිකරු ගිලන් රථ රියදුරුට පහරදුන් බවට ලද පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය කීය.

හෙද සහායකයාද රෝහල් ගතව සිට ප්‍රතිකාර ලබා බැහැරව ගොස් ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.

නොසැලකිලිමත් භාවය සම්බන්දයෙන් ගිලන් රථ රියදුරුට එරෙහිවද පැමිණිල්ලක් ලැබී ඇති බව පොලිසිය කීය.

සැකකරු විමර්ශන කටයුතු වලින් අනතුරුව කළුතර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .

බේරුවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් පත්මකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශ නිළධාරීන් පරීක්ෂණ පවත්වති

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දන්සලට දෙන බත් සවලෙන් ලොරියට දාන හැටි - මිනිස්සුන්ට දෙන කෑමනේද මේ පටවන්නේ ?
00:58
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ - පන්සලේ බොන්න විදියක් නෑ - මොකද බොන්නේ හාමුදුරුවනේ ?
01:47
Video thumbnail
යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක් - අනතුරෙන් තිදෙනෙකුට බරපතළයි
01:23
Video thumbnail
වසන්තයා කොමිස් කාක්කෙක් වෙලා ඉන්නේ - පුළුවන්නම් මැදිරිගිරිය එක්ක හැ#ප්පිලා බලමු
05:05
Video thumbnail
මොණරාගලට හැමූ අධික සුළඟින් නිවාසවල වහල ගහගෙන ගිහින් - මිනිස්සු තෙමෙනවා
01:49
Video thumbnail
සලේ මැ#ණොත් වග කියන්න ඕනි ජනපති, රවී, ශානිලා ?සලේ බලන්න ආ බිරිඳ සැරටම කිව්ව දේ
01:51
Video thumbnail
අපි කසිප්පු කාරයෝ නෙවෙයි මල්ලි - මුන් ඇත්තටම හ#ක් තමයි..මුන් අවුරුදු දෙකෙන් හොරා කෑවා
04:32
Video thumbnail
සජබ ගොවි විරෝධය මැදිරිගිය නගරය උණුසුම් කරයි - සරත්, ලාල්කාන්තව මිනිස්සු එකතුවෙලා ගි# තියයි
02:38
Video thumbnail
රාජ්‍ය සේවකයන්ට සහන මිලට සහල් 20kgක් දෙනවා - 120ට වී ගත්තම ඇති ගොවියන්ගෙන්
05:28
Video thumbnail
බිහිසුණු අනතුරකට පත්වූ දියතලාවේ බස් රථය ගොඩට ගත් හැටි - කට්ටිය දැඩි පරිශ්‍රමයක් දරලා ගන්නේ
04:20