කුණුගොඩේ සැඟවූ රන් ආභරණ, නගර සභා කම්කරුවන් යළි අයිතිකරුටම භාරදීලා (ඡායාරූප)

කසළ ගොඩක තිබූ පවුම් 08ක රන් භාණ්ඩ සොයා නැවත ඒවායේ අයිතිකරුට ලබාදීමට යාපනය, චාවකච්චේරි නගර සභාවේ කම්කරුවන් පිරිසක් ඊයේ (21) කටයුතු කර තිබෙනවා.

චාවකච්චේරි, මණ්ඩුවිල් ප්‍රදේශයේ නිවසක හිමිකරුවෙකු විසින් තම රන් ආභරණ සොරුන්ගෙන් ආරක්ෂා කර ගැනීමට පරණ රෙදි කැබැල්ලක ගැටගසා නිවසේ කුණු දමන ස්ථානයක සඟවා තබා තිබෙනවා.

එහිදී කුණු ඉවතට දමන අවස්ථාවේ රන් ආභරණ ගැටගසා තිබූ රෙදි කැබැල්ල ද කුණු සමඟ පසුගිය 20 වනදා ඉවත දමා ඇති බවයි වාර්තා වුණේ.

අනතරුව රන් ආභරණ ගැටගසා තිබූ රෙදි කැබැල්ල ද කසළ සමඟ ඉවත්කර ඇති බව දැනගත් නිවෙස් හිමියා, එදින කසළ රැගෙන යාමට පැමිණි ට්‍රැක්ටරය පිළිබඳව නිවසේ සවිකර තිබූ ආරක්‍ෂිත කැමරාවෙන් තොරතුරු අනාවරණය කර ගෙන තිබෙනවා.

පසුව අදාළ සිද්ධිය පිළිබඳව නගර සභාවේ කම්කරුවන් දැනුවත්කර ඇති අතර, අනතුරුව කසළ ගොඩ ගෙනවිත් දැමූ ස්ථානය සෝදිසි කළ කම්කරුවන්ර රන් ආභරණ ගැටගසා තිබූ රෙදි කැබැල්ල සොයා ගැනීමට හැකිව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

අනතුරුව එය යළිත් එහි හිමිකරුවන්ට ලබාදීමට නගර සභාවේ කම්කරුවන් කටයුතු කර ඇති අතර,පවුම් 08ක රන් භාණ්ඩ එහි තිබී ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
21
+1
1
+1
12
+1
1
+1
2
+1
4
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"අනේ වැදලා ඉල්ලන්නේ..මගේ බබාව සනීප කරගන්න උදව් කරන්න" "බබා හොඳටම දුර්වල වෙලා ඉන්නේ"
03:19
Video thumbnail
අද ජනපතිලා දෙන්නෙක් ඉන්නවා රටේ - හෑවගේ මොඩෙල් එක ලක්ෂ 12ට විට්ස් කාර් දෙනවා කිව්වනේ
04:06
Video thumbnail
අසාධාරණය වෙනුවෙන් ආ තරුණයාට සෙඩ් එකෙන් ගුටි පූජාවක්.."අතපය උස්සන්න එපා..වීඩියෝ කරනවා"
00:49
Video thumbnail
ආණ්ඩුව දශක ගණනාවකට හොල්ලන්න බෑ..ඒක මතක තියාගන්න - රටේ ජනතාව ආණ්ඩුව රකිනවා
05:48
Video thumbnail
ශ්‍රී මහා බෝධීන් වහන්සේ විශාල අනතුරක..වැලි මළුව වෙනස් කරලා - පල්ලේගම හේමරතන හිමි දැනුවත් නැද්ද ?
03:17
Video thumbnail
"දැන් තමයි තේරුණේ මුන් හ##ක් කියලා"ගොවියන් වසන්තටයි, ලාල්කාන්තටයි හොඳටම දෙසයි
08:12
Video thumbnail
නගරයේ බුලත්විට කා කෙළ ගැසූ අයට නිලධාරින් දුන්න දඬුවම
00:40
Video thumbnail
පෙර හිටපු රජවරු වගේ වැඩ කරන්න කියලා මට ආරාධනා කළා - අපි ලෑස්තියි
04:28
Video thumbnail
වැරදි ප්‍රවෘත්තියක් නිසා මුජිබුර්ට යකා නගියි - බන්ධනාගරයෙන් ආ කෝල් එක ගැන සියල්ල හෙළිකරයි
07:31
Video thumbnail
බීමතින් මගී බස් රථය පැද වූ රියදුරා අත්අඩංගුවට
00:29