ඔක්තෝබර් මාසය වනතුරු මහ වැසි බලාපොරොත්තු විය නොහැකි

ඔක්තෝබර් මාසය වනතුරු මහ වැසි බලාපොරොත්තු විය නොහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ශිරෝමණි ජයවර්ධන මහත්මිය පවසනවා

සාමාන්‍යයෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට මහ වැසි ඇද හැලෙන්නේ ඔක්තෝබර් නොවැම්බර් මාසවලදී බවද ඇය කීවාය. සාමාන්‍යයෙන් අගෝස්තු දිවයිනට සැලකිය යුතු වර්ෂාපතනයක් නොලැබෙන මාසයක් බව පැවසූ ජයවර්ධන මහත්මිය එල්නිනෝ තත්වය හේතුවෙන් මෙවර එය ප්‍රබලවූ බවද ප්‍රකාශ කළාය.

මෙන්ම උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත් සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා එම අවවාදාත්මක නිවේදනය නිකුත් කර ඇත.

ඉහත ප්‍රදේශවල ජීවත්වන ජනතාවට මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ මට්ටමක පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව එමගින් නිවේදනය කරයි.

ඒ අනුව එම ජනතාවට විමසිලිමත් වන ලෙස ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?