මත් උවදුර පාලනයට ගෙන ඇති ක්‍රියාමාර්ග ගැන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවධානය

මත් උවදුර පාලනයට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවධානය

මෙරට මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව, රට තුළ සීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කොට මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේද පිළිබඳ කරුණු සොයා බලා ඒ පිළිබඳව නිරීක්ෂණ හා නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහාවන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ දී සාකච්ඡා වී තිබෙනවා.

මෙහිදී මෙම කාරක සභාව සඳහා ශ්‍රී ලංකා පොලීසිය, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සහ දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය කැඳවා තිබූ අතර, මෙරට මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීම සඳහා මෙම අංශ ගෙන ඇති පියවර පිළිබඳ සාකච්ඡා කිරීම සිදුවුණා.

මෙහිදී මෙම කමිටුවේ සභාපති අමාත්‍ය ටිරාන් අලස් සඳහන් කළේ මෙරට මත්ද්‍රව්‍ය උවදුර පාලනය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත්කර ඇති බවයි.

මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය මෙරටට ගෙන ඒම නැවැත්වීමට විශාල වශයෙන් පියවර ගෙන ඇති බව මෙහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොලීසිය නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් සඳහන් කළා.

ඒ වෙනුවෙන් අසල්වැසි රටවල බුද්ධි අංශ වලද සහය ලබාගන්නා බව ඔවුන් පවසා සිටියා.

එමෙන්ම දුම්කොළ සහ මධ්‍යසාර භාවිතය අවම කිරීම සඳහා ගත හැකි යෝජනා කිහිපයක් දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් විසින් කමිටුවට ඉදිරිපත් කළා.

එසේම මත්ද්‍රව්‍ය භාවිතයට හුරුවූ පුද්ගලයින්ට ප්‍රතිකාර කිරීම වෙනුවෙන් අවශ්‍ය පියවර ගැනීම සඳහා අන්තරායකාර ඖෂධ පාලක ජාතික මණ්ඩලය කටයුතු කරන බව එය නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් මෙහිදී පැවසුවා.

පැමිණ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද මත්ද්‍රව්‍ය පාලනය සම්බන්ධයෙන් යෝජනා සහ අදහස් ඉදිරිපත් කළ අතර, මෙහිදී මෙම කාරක සභාවේ සභාපති අමාත්‍ය ටිරාන් අලස් සඳහන් කළේ මන්ත්‍රීවරුන්ගේ යෝජනා ද සැලකිල්ලට ගෙන මෙම පැමිණ සිටි අංශවල යෝජනා ඇතුළත් වාර්තාවක් කමිටුවට ලබාදීමට කටයුතු කරන ලෙසටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08