කාන්තා පාපන්දු ලෝක කුසලානය ස්පාඤ්ඤට

FIFA කාන්තා පාපන්දු ලෝක කුසලානයේ ශූරතාව හිමිකර ගන්නට ප්‍රබල ස්පාඤ්ඤ කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර සමත් වුණා.

ඒ, ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර දී පැවති අවසන් මහා තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූ එංගලන්ත කණ්ඩායම පරාජය කරමින්.

ස්පාඤ්ඤ කණ්ඩායම මෙම අවසන් මහා තරගය ජය ගත්තේ ගෝල එකට බිංදුවක් ලෙසටයි.

සුපිරි ක්‍රීඩිකා ඔල්ගා කාර්මෝනා, ස්පාඤ්ඤ වෙනුවෙන් වාර්තා වූ ජයග්‍රාහී ගෝලය තරගයේ 29 වැනි මිනිත්තුවේ දී රැස් කිරීමට සමත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්