නේවාසිකාගාරයේ ජනේලයෙන් වැටුණු සරසවි සිසුවා ජීවිතක්ෂයට

හෝමාගම දියගම පිහිටි මොරටුව විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨයේ දෙවන වසරේ සිසුවකු එහි ගොඩනැගිල්ලක තුන්වන මහලෙන් වැටී තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ රිකිල්ලගස්කඩ ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි සිසුවෙක්.

මෙම සිසුවා සරසවියේ නොවන වෙනත් බාහිර පුද්ගලයකු සමඟ නේවාසිකාගාරයේ රැඳී සිට ඇති අතර ඊයේ රාත්‍රී (17) ඔහු සමග බැහැරට ගොස් අලුයම 1ට පමණ යළි කාමරයට පැමිණීමෙන් පසු දෙදෙනා අතර බහින් බස් වීමක් සිදුව ඇති බවටයි වාර්තා වන්නේ.

පසුව ඒ පිළිබඳ විමසීම සඳහා තවත් සිසුන් දෙදෙනෙකු ඔවුන් රැඳී සිටි කාමරයට ගොස් ඇති අතර එහිදී බහින්බස් වීම ගැටුමක් දක්වා දුරදිග යාම හමුවේ තවත් සිසුන් පිරිසක් කාමරයට පැමිණ එය සමතයකට පත් කිරීමට උත්සාහ කරන අතර අදාළ සිසුවා ජනේලයෙන් බිමට පැන ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

තුවාල ලැබූ සිසුවා ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇතැයි සඳහන්.

මෙම සිදුවීම අතර සරසවියේ රැඳී සිටි බාහිර පුද්ගලයා එම ස්ථානයෙන් පළා ගොස් ඇති බවටයි හෙළිවී ඇත්තේ.

මියගොස් ඇති සිසුවා මීට පෙර විශ්ව විද්‍යාලයේ නවක වද සිද්ධියක් සම්බන්ධයෙන් ශිෂ්‍යයෙකුට පහර දුන් බව කියන සිදුවිමක සැකකරුවෙකු බව ද පොලිසිය අනාවරණ කරගෙන තිබෙනවා.

සිද්ධිය වූ ස්ථානයේ අපරාධ ස්ථාන පරීක්ෂණ ආයතන නිලධාරීන් පැමිණ පරීක්ෂණයක් සිදුකිරීමට නියමිත අතර මහේස්ත්‍රාත් පරීක්ෂණයක් ද සිදුකිරීමට නියමිතයි.

අනතුර සම්බන්ධයෙන් කහතුඩුව පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
1
+1
4
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔය ආර්ථික ඔස්තාර්ලා තමයි රට බංකොලොත් කළේ
10:42
Video thumbnail
ඊයේ රෑ Port City රත්කළ සිදුවීම මෙන්න - චීන ජාතිකයෙක්ට ප#රදී පැහැරගෙන ගිහින්
01:22
Video thumbnail
නාමල්, සාගර අලි සබ්‍රි ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් අධිකරණයට එයි
00:51
Video thumbnail
යුපුන් අබේකොන්ට ආණ්ඩුවෙන් තර්ජනය කරලා..?
05:35
Video thumbnail
බෝඹුරු ඇල්ල රක්ෂිතයේ හදිසියේම ඇතිවූ විශාල ගින්න
01:11
Video thumbnail
ග#ගත්ත රැදවියෝ එකම තැන තිබ්බේ ඇයි ? - විපක්ෂය උද්යෝගයෙන් විවාදය කරලා ඇමති ගෙදර යවන්න
08:31
Video thumbnail
බෝඹුරු ඇල්ල රක්ෂිතයේ හදිසියේම ඇතිවූ විශාල ගින්න - හතර වටේටම පැතිර යන අයුරු
01:37
Video thumbnail
ජනාධිපතිට තව මාස 23යි තියෙන්නේ - රටට අබසරණයි
09:42
Video thumbnail
හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ අධිකරණයට එයි - කට්ටිය ගෝඨාභයව වටකරගයි
00:36
Video thumbnail
සජිත් නැගිටිලා ආණ්ඩුවට දැනෙන්න සැරටම කියයි
12:06