අන්තර් විශ්වවිද්යාල ශිෂ්ය බලමණ්ඩලයේ සාමාජිකයින් ඇතුළු පිරිසකට කොටුව මහේස්ත්රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබෙනවා
ඒ අද (10) දිනයේ උද්ඝෝෂකයින්ට කොටුව ජනාධිපති ලේකම් කාර්යාලයට, ජනාධිපති මන්දිරයට, අගමැති කාර්යාලයට, ගාලුමුවදොර පිටිය ඇතුළු ස්ථාන කිහිපයකට ඇතුළු වීම වළක්වාලමින් කොටුව මහෙස්ත්රාත් තිළිණ ගමගේ නියෝගයක් නිකුත් කර තිබෙනවා.අන්තර් විශ්වවිද්යාලයීය ශිෂ්ය බලමණ්ඩලයේ කැඳවුම්කරු විතානගේ මධුෂාන් චන්ද්රජිත් ඇතුළු 10 දෙනෙකුට එරෙහිව මෙම නියෝගය නිකුත් කළ අතර අධිකරණ නියෝග කඩ කරමින් කටයුතු කරන උද්ඝෝෂකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්රාත්වරයා නියෝග කර තිබේ.

