යතුරුපැදි අනතුරකින් මියගිය තරුණයකුගේ අවමගුල් පෙරහැරක අනතුරුදායක යතුරුපැදි සංදර්ශන සිදුකරමින් ගමන්ගත් තරුණ පිරිසකට අවවාද කළ තිදරු පියෙකුට තරුණ පිරිසක් ඊයේ (09) පස්වරුවේ හෙල්මට් වලින් සහ අතින් පයින් පහරදී ඇති පුවතක් වාද්දුව ප්රදේශයෙන් වාර්තාවනවා..
ඉකුත් (07) පස්වරුවේ යතුරුපැදි අනතුරකින් මියගිය වාද්දුව තල්පිටිය ප්රදේශයේ පදිංචිව සිටී 19 හැවිරිදි දුලාංජ හේෂාම් විජේවර්ධන තරුණයාගේ අවසන් කටයුතු ඊයේ පස්වරුවේ වාද්දුව වේරගම පොදු සුසාන භූමියේ දී සිදු කෙරුණ අතර එහිදී මෘතදේහයට අවසන් ගෞරව දැක්වීමට යැයි පවසමින් තරුණයින් පිරිසක් යතුරුපැදි 30 පමණ පෙලපාලියකින් පැමිණ අනතුරුදායක අන්දමින් තනි රෝදයෙන් සංදර්ශන ඉදිරිපත් කර තිබේ.
ඒ දෙස බෝහෝ පිරිසක් පිළිකුලෙන් යුතුව බලාසිට ඇතත් කිසිවකු විරෝධය දක්වා නොමැත. එහෙත් එහි රැදී සිටී තිදරු පියෙකු එයට විරෝධතාව පළකර තිබේ.
එයින් උරණවූ තරුණයන් තිහකට ආසන්න පිරිසක් විරෝධය දැක්වූ දෙදරු පියාට අතින් පයින් සහ හෙල්මට් වලින් පහරදී ඇති බවත් , ප්රදේශයේ කිහිප දෙනෙක් දැඩි පරිශ්රමයක් යොදා ඔහුව බේරාගත් බව සිද්ධිය ඇසින් දුටූවන් පැවසීය.
සිද්ධිය සැලවීමත් සමගින් වාද්දුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
