අලුත්ගම සංජීවගේ මත්ද්රව්ය ජාලය මෙහෙය වන ප්රධාන ගෝලයා හෙරෝයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගාල්ල කොළඹ ප්රධාන මාර්ගයේ වරාහේන දුම්රිය හරස් මාර්ගයේ දී කළ වැටලීමකදියි මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
අත්අඩංගුවට ගන්නා මොහොතේ ඔහු සතුව හොරෝයින් ග්රෑම් 100ක් , ජංගම දුරකතනයක් සහ යතුරු පැදියක් තිබුණු බවයි විමර්ෂණ නිලධාරීන් පවසන්නේ.
පානදුර ප්රදේශයේ පදිංචි මොහු වයස අවුරුදු 32ක පුද්ගලයෙක්.
එමෙන්ම දැනට ඩුබායි රාජ්යයේ සැඟව සිටින මෙරට මත්ද්රව්ය ජාලය හසුරුවන ලොකු පැටී නොහොත් අලුත්ගම සංජීව නැමැත්තාගේ මත්ද්රව්ය ජාලය මෙහෙයවන ප්රධාන ගෝලයා බවට ද කරුණු අනාවරණය වී ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරන්නේ.
