වයස අවුරුදු 13 ක බාල වයස්කාර දැරියක් අඹුව කරගත් පුද්ගලයෙකු සොයා විමර්ශන

වයස අවුරුදු 13 ක බාල වයස්කාර දැරියක් සමග වසරක පමණ කාලයක් අඹූ – සැමි ඇසුරක් පවත්වා ගෙන ගිය තරුණයෙකු අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශණයක් ආරම්භ කර ඇති බව මදුරන්කුලිය පොලීසිය කියයි.

සැකකරු ජා ඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හදුනා ගෙන ඇත.

බාල වයස්කාර තම දියණිය තරුණයෙකු සමග විවාහ වීමට සුදානම් වන බවට වන පැමිණිල්ලක් කාන්තාවක් විසින් මදුරන්කුලිය පොලීසියට කර ඇත.ඒ අනුව ක්‍රියාත්මක වී ඇති පොලීසිය පැමිණිළිකාර කාන්තාවගේ දියණියව කැදවා ප්‍රකාශ සටහන් කර ගෙන ඇත.

වසරක පමණ කාලයක් සැකකාර තරුණයා සමග තමන් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගිය බව දැරිවිය පොලිසිය හමුවේ පවසා ඇත.එම කාලයේදී ඔහු තමන් සමග අඹූ – සැමි සම්බන්ධතා පැවැත්වූ බවද ඇය වැඩිදුරටත් පවසා ඇත.

දැරිවිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා පුත්තලම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කර ඇත.

මදුරන්කුලිය පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාග බස්තමත් අරගෙන යන එකට ජනපති හිනාවෙවී ගහපු හින්ට් එක - හෙට මොන පි#ස්සුවක් නටයිද දන්නේ නෑ ?
08:01
Video thumbnail
Kingsbury හෝටලයට සරත් වීරසේකරගෙන් එන්තරවාසියක් - හෝටලයේ CCTV දර්ශන විකෘති කරලා
03:23
Video thumbnail
රටේ ආර්ථිකය ගැන ජනපති වේදිකාවේ උජාරුවෙන් කිව්ව කතාව - අලුතෙන් බදු ගහලා නෑ - තිබ්බ ඒවත් අඩු කළා
11:32
Video thumbnail
තරුණියකගේ දුරකථයක් ඉස්සූ සොරාට ගම්මු එකතුවෙලා ගුටි පූජාවක් දෙයි
01:24
Video thumbnail
කැමරා ප්‍රදර්ශනයක් බලන්න ගිය සජිත්ව හතර වටින්ම වට කරගෙන කට්ටිය සෙල්ෆි ගහයි
02:51
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන ජාතික විද්වත් සංවිධානයේ ජාතික සමුළුව
00:00
Video thumbnail
ජාතික විද්වත් සංවිධානයේ වේදිකාවට ජනපති අනුර ගැම්මට ආපු හැටි - මිනිස්සු නැගිටලා ප්‍රීති ඝෝෂා නගයි
01:28
Video thumbnail
ලෝකයේ අර්බුදයක් තියෙනවා කියලා අපිට අමතකවෙලා - සමස්ත බර බදු මුදල්වලින් දරාගෙන ඉන්නේ
02:49
Video thumbnail
උඩුවර නව කොළනිය ගල් පෙරලීමේ අවදානමක්..තවත් ගල් ගැලවෙන්න පුළුවන් ?
00:51
Video thumbnail
"පුතේ ජීවිතේ කෙටි පාරවල් නෑ.."අගමැතිනිය ළමයි ඉදිරියේ කිව්ව සුපිරි කතාව
03:24