කුවෙට්හි රැඳී සිටින මෙරට කතුන් අලෙවි කිරීමේ ජාවාරමක්

නීත්‍යනුකූලව විදේශ සේවා නියුක්ති කාර්යාලයේ සියලු රෙගුලාසිවලට යටත්ව ගෘහ සේවයට කුවෙට් රාජ්‍යයට ගිය තරුණියක් මාස ගණනාවක් සිරබත් කෑමෙන් පසුව ඇඳි වත පමණක් ඇතිව නැවත මෙරටට පැමිණි අතර, එසේ පැමිණ එහි සිදු වන මිනිස් ජාවාරම් පිළිබඳව හෙළි කරන්න වූවාය.

හබරණ, අලුත්ඔය, සිංහගම පදිංචි එම්. එම්. නදීෂා ශ්‍රීමා කුමාරි වයස අවුරුදු තිහක විවාහක කාන්තාවකි. ඇයගේ සැමියා කාලයක සිට බෝ නොවන රෝගයකින් පීඩා විඳින අයෙකි. ආර්ථික දුෂ්කරතා රැසක් මධ්‍යයේ දිවි ගෙවූ ඇය පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ 25 වැනි දින රජයේ සියලු රෙගුලාසිවලට යටත්ව නීත්‍යනුකූල අන්දමින් කුවෙට් රාජ්‍යයේ ගෘහ සේවය සඳහා පිටත්ව ගොස් තිබේ.

මෙරට සහ එරට පෞද්ගලික විදෙස් රැකියා නියෝජිතයන් හරහා විදේශගත වූ නදීෂා මුල් මාස කිහිපයේ සේවා සැපයීම් සඳහා නිවෙසක් ලැබුණ ද ඉන්පසුව එරට රැඳී සිටින දේශීය රැකියා නියෝජිතවරියක විසින් පවත්වාගෙන යන රැඳවුම් මධ්‍යස්ථානයක දිවිගෙවන්නට සිදුවී තිබිණි. ඇය මේ බව හෙළිදරවු කරමින් වැඩිදුරටත් මෙලෙස කියා සිටියේය.

“කුවෙට්වල රැඳී සිටින මේ රැකියා නියෝජිතවරිය මේ වන විටත් පහළොවක් විස්සක් පමණ මෙරට කාන්තාවන් සිරකරගෙන ඔවුන් අලෙවි කරමින් සල්ලි හම්බ කරනවා. මම කුවෙට්වල ආරක්ෂක අංශයේ සේවය කරන කෙනකුගේ ගෙදරක වැඩට යවා මාස ගාණක පඩි දුන්නේ නෑ. පඩි ඉල්ලුවාම කිසිම චෝදනාවක් නැතිව මාව නැවත කුවෙට්වල සිටින මිනිස් ජාවාරම කරන කාන්තාව සිටින රැකියා ආයතනයට රැගෙන යන බව පවසා ඇයගේත් උදවු ඇතිව පොලිසියට භාරදී මාස ගාණක් සිරගත කළා. මම මාස තුනකට වැඩි කාලයක් කිසිම චෝදනාවක් නැතිව වරදක් නොකර සිරබත් කෑවා. ඒ හිරගෙදර මේ වන විටත් විශාල පිරිසක් අපේ රටේ කාන්තාවෝ දුක් විඳිමින් ඉන්නවා. මගේ පෙර පිනකට මාස ගාණකට පස්සෙ හරි එතැනින් ගැලවිලා එන්න පුළුවන් වුණා. මම එතනින් එන වෙලාවෙ එහි රැඳී සිටි අපේ රටේ අනෙක් කාන්තාවෝ මට එයාලගෙ නම් සහ ලිපි, නම්බර් ලියලා දුන්නා.

නීත්‍යනුකූලව විදේශගත වීම සිදු කරන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ රජය නිතර නිතර කිව්වත් එහෙම යන අය ගැන තානාපති කාර්යාලයෙන් කිසිදු සොයා බැලීමක් සිදු කරන්නේ නෑ. ඒ නිසා මේ සම්බන්ධයෙන් සිටින ඇමැතිවරයා මේ ගැන ඉක්මනින් සොයා බලා අවශ්‍ය කටයුතු සලසන්න.

දැනට සති දෙකකට පෙර ලංකාවට ආ මට කටුනායක ගුවන් තොටුපොළෙන් දුන් බස් කුලියෙන් තමා ගෙදර ආවේ. ගෙදර ආවේ අතේ රුපියලක්වත් නැතිව. ලෙඩ වෙලා ඇඳේ ඉන්න මගෙ මහත්තයයි, අම්මයි, දුවයි ජීවත් කරවන්න කිසිම ආදායමක් නෑ. මම රට ගියා කිව්වාම රජයෙන් අපට දුන්න සමෘද්ධි සහනාධාරයත් කැපුවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාග බස්තමත් අරගෙන යන එකට ජනපති හිනාවෙවී ගහපු හින්ට් එක - හෙට මොන පි#ස්සුවක් නටයිද දන්නේ නෑ ?
08:01
Video thumbnail
Kingsbury හෝටලයට සරත් වීරසේකරගෙන් එන්තරවාසියක් - හෝටලයේ CCTV දර්ශන විකෘති කරලා
03:23
Video thumbnail
රටේ ආර්ථිකය ගැන ජනපති වේදිකාවේ උජාරුවෙන් කිව්ව කතාව - අලුතෙන් බදු ගහලා නෑ - තිබ්බ ඒවත් අඩු කළා
11:32
Video thumbnail
තරුණියකගේ දුරකථයක් ඉස්සූ සොරාට ගම්මු එකතුවෙලා ගුටි පූජාවක් දෙයි
01:24
Video thumbnail
කැමරා ප්‍රදර්ශනයක් බලන්න ගිය සජිත්ව හතර වටින්ම වට කරගෙන කට්ටිය සෙල්ෆි ගහයි
02:51
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන ජාතික විද්වත් සංවිධානයේ ජාතික සමුළුව
00:00
Video thumbnail
ජාතික විද්වත් සංවිධානයේ වේදිකාවට ජනපති අනුර ගැම්මට ආපු හැටි - මිනිස්සු නැගිටලා ප්‍රීති ඝෝෂා නගයි
01:28
Video thumbnail
ලෝකයේ අර්බුදයක් තියෙනවා කියලා අපිට අමතකවෙලා - සමස්ත බර බදු මුදල්වලින් දරාගෙන ඉන්නේ
02:49
Video thumbnail
උඩුවර නව කොළනිය ගල් පෙරලීමේ අවදානමක්..තවත් ගල් ගැලවෙන්න පුළුවන් ?
00:51
Video thumbnail
"පුතේ ජීවිතේ කෙටි පාරවල් නෑ.."අගමැතිනිය ළමයි ඉදිරියේ කිව්ව සුපිරි කතාව
03:24