ජලය හැකි තරම් පානය කරන්න වෛද්‍යවරුන්ගෙන් නිවේදනයක්

දැඩි වියලි කාලගුණික තත්වය නිසා හැකි තරම් ජලය පානය කිරීම සුදුසු යැයි වෛද්‍යවරු පවසනවා.

දහවල් කාලයේ හිරු රශ්මියට නිරාවණය වීම හැකිතාක් අඩුකළ යුතු අතර වැඩබිම්වල සේවකයන් පැය භාගයකට වරක්වත් සෙවන තිබෙන ස්ථානයක කෙටි විවේකයක් ගත යුතු බවත් වෛද්‍යවරු පවසනවා.

වෛද්‍යවරු පවසන්නේ මේ දිනවල දරුවන් දහවල් කාලයේ ක්‍රීඩා කටයුතුවලට යොමු නොකර සිටීම යෝග්‍ය බවයි