කැන්ඩි කණ්ඩායමෙන් ගාල්ලට දැවැන්ත ඉලක්කයක්

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 12වන තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට Galle Titans කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.

B-Love Kandy කණ්ඩායම සමගයි ඔවුන් මෙහිදී තරගවදිනවා

ඒ අනුව Kandy කණ්ඩායම සිය පන්දු 120 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 203ක් ලබා ගත්තා.

Kandy කණ්ඩායම වෙනුවෙන් ෆකර් හසම් 45ක්,චන්දිමාල් 25ක්,වනිදු හසරංග 64 ,මැතිව්ස් 40ක් ද ලබා ගත්තා.

පන්දු යැවිමේදී ලහිරු සමරකෝන් කඩුලු 2ක් ද ,රිචට් නගර්වා සහ ටබ්රි ෂමිස් එක කඩුල්ල බැගින් ලබා ගත්තා

ජයග්‍රාහනය සදහා Galle Titans කණ්ඩායම පන්දු 120ක් තුළ 204ක් ලබා ගත යුතුයි