නොරොච්චෝලේ දෙවන විදුලි ජනන ඒකකය බිඳවැටෙයි

හදිසියේ ඇති වූ දෝෂයක් නිසා නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රයේ විදුලි උත්පාදන කටයුතු අත්හිටුවා ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.

එම යන්ත්‍රය බිඳ වැටුණ ද විදුලි කප්පාදුවක් නොවන බවයි එම නිලධාරියා වැඩි දුරටත් කියා සිටියේ.

කෙසේ වෙතත් මේ හේතුවෙන් මෙගාවොට් 270ක විදුලිබල ධාරිතාවක් ජාතික පද්ධතියට අහිමිවනු ඇති බවයි එම උසස් නිලධාරියා පැවසුවේ.