ආසියානු කුසලානය තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම්කෙරේ

එළඹෙන ආසියානු කුසලානය සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිතය නම්කර ඇති බව වාර්තා වනවා.

ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේ නායකත්වය සුපුරුදු පරිදි දසුන් ශානකට හිමිව තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් වන ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් සහ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න මෙම සංචිතය එක්කර නොතිබීම විශේෂත්වයක්.

මෙම සංචිතය සඳහා කුසල් ජනිත් පෙරේරා එක්කර තිබෙනවා.

දසුන් ශානක (නායක), පැතුම් නිශ්ශංක, දිමුත් කරුණාරත්න, කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, සධීර සමරවික්‍රම, ධනංජය ද සිල්වා, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහේෂ් තීක්ෂණ, ලහිරු කුමාර, දුෂ්මන්ත චමීර, ඩිල්ෂාන් මධුශංක, මතීෂ පතිරණ ආසියානු සංචිතයට නම්කළ ක්‍රීඩකයින් වනවා.

මේ අතර පොරොත්තු ක්‍රීඩකයන් ලෙස නම්කර ඇත්තේ අවිශ්ක ප්‍රනාන්දු, කසුන් රාජිත, දුෂාන් හේමන්ත, චාමික කරුණාරත්න, සහ සහන් ආරච්චිගේ යන ක්‍රීඩකයින්.

මෙවර ආසියානු කුසලාන එක්දින තරගාවලිය පාකිස්ථානයේ සහ ශ්‍රී ලංකාවේ දී පාකිස්ථාන සත්කාරකත්වයෙන් පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
18
+1
3
+1
7
+1
1
+1
3
+1
4
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !