සීමාව පැන්නොත් පාසල්වලිනුත් ජලයට ගාස්තුවක්

අනුමත සීමාව ඉක්මවා යමින් ජලය පරිභෝජනය කරන පාසල්වලින් ගාස්තුවක් අය කිරීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කරනවා.

මේ අතර පාසල්වලට සපයන ජලය අවභාවිත වන බවට සහ අපතේ යන බවට සමීක්ෂණයකින් අනාවරණය වී ඇති බවයි එම මණ්ඩලය වැඩිදුරටත් පැවසුවේ.

ජල සම්පාදන මණ්ඩලය පැවසුවේ එක් පාසලක් සඳහා මාසයකට ජල එක්ක 400ක් කිසිඳු ගාස්තු අය කිරීමකින් තොරව නොමිලේ ලබා දෙන බවයි.

ඒ අනුව එලෙස නොමිලේ ලබාදෙන ජල එක්ක සීමාව ඉක්මවා යන පාසල්වලින් ඉදිරියේ දී ගාස්තුවක් අය කිරීමට සිදුවන බවයි ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පියල් පත්මනාථ පැවසුවේ.

  1. WESSAKATA WATH PASALAKATA NOGIYA KALAKANNI MUSALA HATHTHA OYA THAN WALA WADI UNAMA MEHEMA WENAWA. YAKO THOPITA GENU DAARUWO NATHI DHA. PASAL YANA DULA TA MAS SHUDHDHIYA ATHI UNAMA PIRISIDU WENNA GODAK WATHURA ONA NEDHA, GIHIN GEDARA INNA GENI GEN HARI THIYAGENA INNA HORA GENI GEN HARI AHAPIYA. KIYALA DEYI. EYI WITHARADHA GURU MANDALAYE INNE KANTHA GURUWARIYANTATH OYA PRASHNEMA THIYENAWA NEDHA. ANE MUN WAGEYI MUSAL HATHTHAK JEEWITHETAMA DAKKE NAHE.