රෝහල් ආපන ශාලාවේ චොක්ලට් එකක මිනිස් ඇඟිලි කොටසක් (ඡායාරූප සහ වීඩියෝ)

මහියංගණය රෝහලේ ආපනශාලාවෙන් (05) දින මිලදිගත් චොක්ලට් එකක් තුල තිබි මිනිස් ඇඟිල්ලක කොටසක් හමුවු බව මහියංගණය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසනවා.

එම රෝහලේ කාර්ය මණ්ඩලයේ සේවය කරන නිලධාරිනියක විසින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට පැමිණිලි කර ඇත්තේ තමා අද (05) දහවල් ආපන ශා⁣ලාවෙන් මිලදී ගත් චොක්ලට් එකක තිබි මිනිස් ඇඟිලි කොටසක් හමු වු බවටයි.

රෝහල කාර්ය මණ්ඩල සාමාජිකාව විසින් පසුගිය 03 වනදා මෙම චොක්ලට් එක මිළදී ගෙන ඇති අතර එහි කොටසක් ආහාරයට ගෙන ඉතිරි කොටස, ශීතකරණයේ තබා තිබූ බව සඳහන්.

ඊයේ එහි ඉතිරි කොටස ආහාරයට ගත් අවස්ථාවේ හැපීමට අපහසු යමක් හසුවී ඇති අතර අදාළ චොක්ලට් එක ෆෘට් ඇන්ඩ් නට් වර්ගයේ එකක් නිසා එම ආහාර කොටසක් විය හැයි යැයි සිතා දැඩිව සපා ඇති අතර එහිදී ද එය කැබලි නොවීම හේතුවෙන් එම කොටස ගෙන ජල කරාමයට අල්ලා සෝදා බැලීමේදී දැක ඇත්තේ එය මිනිස් ඇඟිල්ලක කොටසක් බවටයි.

පසුව මෙම රෝහල් සේවිකාවට ඇයට ඇති වූ අප්‍රසන්න හැඟීම හේතුවෙන් වමනය ද සිදුව ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ඇයගේ කෑ ගැසීම අනුව මෙම සේවිකාවගේ සමීපතමයන් පැමිණ සිද්ධිය පිළිබඳ විමසා රෙෝහල් ‍වෛද්‍ය අධිකාරිවරයා මාර්ගයෙන් සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය දැනුවත් කිරීමෙන් පසු මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ පරීක්ෂාවට ලක්වී තිබෙනවා.

සිදු කළ පරීක්ෂණයකදී එය නියපොත්ත සහිත මිනිස් ඇඟිල්ලක මුල් පුරුකක් බවට තහවුරු වූ බව මහජන සෞඛ්‍ය පරික්ෂක චාමින්ද රත්නායක මහතා සඳහන් කර තිබෙනවා.

ඒ අනුව අදාළ ඇඟිලි කොටස සහ එය තිබු බව කියන චොකලට් පැකට්ටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය භාරයට ගැනීමට කටයුතු කර ඇති අතර මේ සම්බන්ධයෙන් ලබන සඳුදා (07) මහියංගණය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරිමට නියමිතයි.

මහියංගණය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සහන් සමරවීර මහතාගේ උපදෙස් මත මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරි චාමින්ද රත්නායක මහතා ඇතුළු මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කණ්ඩායම විසින් මේ පිළිබඳ වැඩිදුරටත් විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
17
+1
6
+1
46
+1
13
+1
13
+1
12
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබ ගොවි විරෝධය මැදිරිගිය නගරය උණුසුම් කරයි - සරත්, ලාල්කාන්තව මිනිස්සු එකතුවෙලා ගි# තියයි
02:38
Video thumbnail
රාජ්‍ය සේවකයන්ට සහන මිලට සහල් 20kgක් දෙනවා - 120ට වී ගත්තම ඇති ගොවියන්ගෙන්
05:28
Video thumbnail
බිහිසුණු අනතුරකට පත්වූ දියතලාවේ බස් රථය ගොඩට ගත් හැටි - කට්ටිය දැඩි පරිශ්‍රමයක් දරලා ගන්නේ
04:20
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට..අහුවෙන එකෙන් අරන් ප#ර දෙන්නේ
05:05
Video thumbnail
යුද හමුදාව, පොලිසිය ඇතුළු පිරිස එක්ව ගංගාරාමය බේරේ වැව අවට ප්‍රදේශයට දුන් ෆුල් සුද්දය
02:52
Video thumbnail
පොසොන් පොහොයේ සූදානම ගැන වැඩබලන අටමස්ථානාධිපතිගෙන් විශේෂ පණිවුඩයක්
04:35
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:13:41
Video thumbnail
දෙපිරිසක් අතර ඇතිවූ ගැ#ටුමකින් කාන්තාවක් එළොව යයි
01:23
Video thumbnail
කොස්ගොඩ සලිත කරමින් නිවසකින් හමුවූ නිසල සිරුර
01:18
Video thumbnail
නුවරට යන්න බස් නැතුව අසරණ වුණ මිනිස්සු
01:18