මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ට ස්වේච්ඡාවෙන් පැමිණ පුනරුත්ථාපනය වීමට අවස්ථාව

නව පනත යටතේ, මත් ද්‍රව්‍යවලට යොමුව සිටින පුද්ගලයින්ට ස්වේච්ඡාවෙන් පැමිණ පුනරුත්ථාපනය වීමේ අවස්ථාව ලැබෙන බව බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ අධිකරණ අමාත්‍යාංශයේ අද (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී අදහස් දැක්වූ පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේ, මෙරට යුද්ධය අවසන් වු පසු එල්.ටී.ටී.ඊ සංවිධානයේ සාමාජිකයින් දොළොස් දහසකට වඩා වැඩි සංඛ්‍යාවක් පුනරුත්ථාපනය කර සමාජ ගත කළ බවයි.

මත්ද්‍රව්‍ය සදහා ඇබ්බැහි වූවන් යහපත් පුද්ගලයින් ලෙස පුනරුත්ථාපනය කිරීම කාර්යාංශය විසින් සිදු කළ අතර එලෙස පුනරුත්ථාපනය වන පුද්ගලයින්ට යහපත් පුරවැසියන් ලෙස සමාජගත වීම සදහා පුහුණුවීම් ලබා දෙන බවත්, ඒ අනුව ආපදා කළමනාකරණය පිළිබදව පුහුණුව, වෘත්තිය පාඨමාලා පිළිබදව පුහුණුව ලබාදී සහතික ලබාදීම සිදු කරන බව ද කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දෙනවා.

ඊට අමතරව බැකෝ යන්ත්‍ර, ඩෝසර් යන්ත්‍ර පිළිබඳව පුහුණුවීම් ලබා දී විදේශ රැකියා සඳහා යොමු වීමේ අවස්ථාව ද ලබා දී ඇති බවයි ඔහු කියාසිටියේ.

එමෙන්ම මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය යටතේ විශේෂ පුහුණුව ලබා ගැනීමේ හැකියාව ලබා දෙන බව ද කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා.

කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ පුනරුත්ථාපනය වන පුද්ගලයින්ගේ සැඟ වුණු කලා කුසලතා එළි දැක්වීම වෙනුවෙන් ද වැඩසටහන් ක්‍රියාත්මක වන බවයි.

පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශය යටතේ වව්නියාව, කන්දකාඩු හා සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථාන තුනක් ස්ථාපිත කර තිබෙන බවත්, මේ වන විට ඒවායෙහි 600කට වැඩි පිරිසක් පුනරුත්ථාපනය වන බවත්, 2013 වසරේ සිට 2023 වසර දක්වා කාලය තුළ මත් ද්‍රව්‍ය සඳහා යොමු වූ පුද්ගලයින් 8000කට වඩා වැඩි පිරිසක් පුනරුත්ථාපනය කර තිබෙන බවත් ඔහු ප්‍රකාශ කළා.

2023 අංක 02 දරණ පුනරුත්ථාපන කාර්යාංශ පනත යටතේ පුනරුත්ථාපනයෙන් ඔබ්බට පුද්ගලයින් යොමු කිරීම යටතේ, නව පනතේ විධිවිධාන මෙම වසරේ ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන බැවින් මත් ද්‍රව්‍ය සදහා ඇබ්බැහිව සිටින පුද්ගලයින්ට ස්වේඡාවෙන් පැමිණ පුනරුත්ථාපනය විය හැකියි.

වැඩිදුරටත් අදහස් දැක්වූ පුනරත්ථාපන කොමසාරිස් ජනරාල්වරයා,

“මේ වන තෙක් මත් ද්‍රව්‍ය සඳහා යොමු ව සිටින කාන්තාවන් පුනරුත්ථාපනය කිරීමේ ක්‍රමවේදයක් තිබුණේ නැහැ. නමුත් නව පනත යටතේ කාන්තාවන් පුනරුත්ථාපනය කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන සකසා තිබෙනවා. ඒ අනුව ඒ සඳහා ද අවශ්‍ය පහසුකම් ඉදිරියේදී සපයනවා. අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න සහ අමාත්‍යාංශයේ ලේකම්තුමිය තම කාර්යාංශයේ කටයුතු සාර්ථකව සිදු කිරීම සදහා උපරිම සහයෝගය ලබා දෙනවා”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39