ළමා මරණවලට සම්බන්ධ කැස්ස සිරප් නිෂ්පාදකයාගේ වැරදි ඉන්දියාව සොයා ගනී

කැමරූන් රාජ්‍යයේ ළමුන්ගේ මරණවලට සම්බන්ධ ඉන්දියාවේ රීමන් ලැබ්ස් හි නිෂ්පාදිත කැස්ස සිරප් නිෂ්පාදනවල රසායනාගාර නියමයන් උල්ලංඝන වීම පිළිබඳ ඉන්දියාව විසින් සොයාගෙන ඇති බව එරට රජයේ සෞඛ්‍ය නිලධාරියෙක් විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙනවා.

රොයිටර් පුවත් සේවයට වාර්තා කළේ ඉන්දියාවේ නිෂ්පාදිත ඇතැම් කැස්ස සිරප් විදේශයන්හි ළමුන් විශාල පිරිසකගේ මරණවලට හේතුව බවට හෙළිවීමත් සමඟ බලධාරීන් ඖෂධ නිෂ්පාදකයින් පිළිබඳ විමර්ශන වේගවත් කර ඇති බවයි.

කෙසේවෙතත් රීමන් ලැබ්ස් රොයිටර් ආයතනය කළ විමසීම්වලට ප්‍රතිචාර දක්වා නැහැ.

විමර්ශන නිලධාරීන් අඩුපාඩු සොයා ගැනීමෙන් පසු නිෂ්පාදනය නතර කළ සිව්වන ඉන්දියානු කැස්ස සිරප් නිෂ්පාදකයා රීමන් ලැබ්ස් ආයතනයයි.

රීමන් ලැබ්ස් හි අධ්‍යක්ෂවරුන් තිදෙනාගෙන් එක් අයෙකු වන රාජේෂ් භාටියා රොයිටර් පුවත් සේවයට පවසා ඇත්තේ තමන් මේ පිළිබඳව දැනුවත්ව නොසිටි බවයි.

විමර්ශකයින් මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ පිහිටි සමාගමේ නිෂ්පාදන ඒකකය පරීක්ෂා කර අඩුපාඩු සොයා ගැනීමෙන් පසු දැන්වීමක් නිකුත් කළ බව ප්‍රාන්තයේ ඖෂධ පාලක සුදම් ඛාඩේ ප්‍රකාශ කර තිබෙනවා.

සමාගමේ හොඳ නිෂ්පාදන අතර භාවිතයට නුසුදුසු නිෂ්පාදන ද සොයාගෙන ඇති බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

සමාගමේ සියලුම නිෂ්පාදනවල සාම්පල පරීක්ෂණ සඳහා යවා ඇති අතර එහි ප්‍රතිඵල මත ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බව සුදම් ඛාඩේ ප්‍රකාශ කළා.

ෆෙඩරල් සහ ප්‍රාන්ත නියාමකයින් විසින් පරීක්ෂා කිරීමෙන් පසු නිෂ්පාදනය නතර කරන ලෙස රීමන් ලැබ්ස් වෙත නියෝග කළ බව ඉන්දීය පාලක පක්ෂය පසුගිය අඟහරුවාදා පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙනවා.

රීමන් ලැබ්ස් Naturcold කැස්ස සිරප් නිෂ්පාදකයා ලෙසට හඳුනාගෙන ඇති බව සඳහන්.

මෙම නිෂ්පාදනය භාවිතයෙන් කැමරූන් හි අවම වශයෙන් ළමුන් හය දෙනෙකුගේ මරණ සිදුවී ඇතැයි වාර්තා වන අතර ඇතැම් මාධ්‍ය වාර්තා කළේ ළමුන් 12 දෙනෙකු මිය ගිය බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56