අනතුරුදායක ත්‍රී රෝද රථ ධාවනයේ යෙදුණු තරුණයන් දෙදෙනෙකුට වැඩ වරදී

අනතුරුදායක ලෙස ත්‍රී රෝද රථ ධාවනය කර එහි දර්ශන සමාජ මාධ්‍යට මුදා හරිනු ලැබූ තරුණයන් දෙදෙනෙකු හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් විසින් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර තරුණයක් දෙදෙනා හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ මල්ලිඅප්පුව ප්‍රදේශයේ දී ත්‍රී රෝද රථ දෙකක් ධාවනය කර එහි දර්ශන පටිගත කර සමාජ මාධ්‍යට මුදා හැර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

Tik-Tok සමාජ මාධ්‍යයේ පැවති මෙම වීඩියෝ පටය ත්‍රී රෝද රථය ධාවනය කළ තරුණයන් විසින්ම සමාජ මාධ්‍යට එක් කර තිබූ එකක් බව සඳහන්.

එහි දර්ශන ලබා ගැනීමෙන් අනතුරුව එම ත්‍රී රෝද රථවල ලියාපදිංචි අංක ඔස්සේ විමර්ශනයක් සිදු කර ත්‍රී රෝද රථ දෙක සහ තරුණයන් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අවුරුදු 20 සහ 30 වයස්වල පසුවන ඔවුන් දෙදෙනා හැටන් ප්‍රදේශයේම පදිංචිකරුවන්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ඇප මත මුදා හැර ඇති අතර ඔවුන්ට එරෙහිව අන්තරාදායක ලෙස ත්‍රී රෝද රථ ධාවනය කිරීම යන චෝදනාව යටතේ හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නීතිමය පියවර ගැනීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
6
+1
1
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !