කොහු කම්හලක් හා පොල් වත්තක් ගිනි ගනී

කිලිනොච්චිය ධර්මපුරම් ප‍්‍රදේශයේ පොල් වත්තක හට ගත් ගින්නකින් එම පොල් වගාවට දැඩි අලාභ හානි සිදුව ඇති බව ධර්මපුරම් පොලීසිය සදහන් කරයි.

මෙම පොල් වත්ත තුළම කොහු කර්මාණ්ත ශාලාවක්ද පිහිට ඇත අතර ඉන් ගින්න පැතිරෙන්නට ඇති බව සැකකරණු ලබයි.

මෙහිදී එම පොල් වගාවේ පොල් ගස් 50 ට අධික ප‍්‍රමාණයක් පිලිස්සි ගොස් ඇති අතර ප‍්‍රදේශයට පවතින දැඩි වියළි කාලගුනය හේතුවෙන් ගින්න සිග‍්‍රයෙන් පැතිර ගොස් තිබේ.

ඉකුත් 02 දා සවස මෙම ගින්න හට ගෙන ඇති අතර අදාල අවස්ථාවේ පොල් වත්ත තුළ හෝ කොහු කර්මාණ්ත ශාලාව තුළ කිසිවෙකුත් සිට නොමැති අතර ගින්න පැතිරීමත් සමග ප‍්‍රදේශවාසීන් කිලිනොච්චිය ගිනි නිවන ඒකකයට දැනුම්දී එම නිලධාරීන්ගේ සහය ඇතිව ගින්න පාලනය කර තිබේ.

ගිනි ගැනීම සම්බන්ධයෙන් ධර්මපුරම් පොලීසිය පරීක්ෂණ පවත්වනු ලබයි.