හොඳටම සූර් වී පිස්සු නැටූ කොස්තාපල්වරුන් තිදෙනෙකු අත්අඩංගුවට

පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙක් කෙසෙල්වත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් අශ්වාරෝහක කොට්ඨාසය අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙක් බව පොලිසිය පැවසීය.

බීමතින් පුද්ගලයෙකුට පහරදී කලහකාරී ලෙස හැසුරුණු මෙම පොලිස් කොස්තාපල්වරුන් තිදෙනා අධිකරණ වෛද්‍ය නිලධාරියාට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (02) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි