අළු බඳුනේ ජය සමසේ බෙදෙයි

ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවති අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පස්වන සහ අවසන් ටෙස්ට් තරගය ලකුණු 49 කින් ජයගැනීමට එංගලන්ත ඊයේ සමත් වූණා.

ඒ, අනුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ විශ්‍රාම යන එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ස්ටුවර්ට් බ්‍රෝඩ්ට ජයග්‍රාහී සමුදීමක් ලබාදීමට එංගලන්ත ක්‍රීඩකයින්ට හැකියාව ලැබුණා.

එංගලන්තය මෙම අවසන් තරගය ජය ගැනීමත් සමඟ තරග පහකින් සමන්විත 2023 අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ජය පැරදුමෙන් තොරව අවසන් වුණේ දෙපිළම තරග දෙක බැඟින් ජයගෙනයි.

තරගාවලියේ පළමු තරග දෙක ඕස්ට්‍රේලියාව ජයගත් අතර, තුන්වන තරගය ජය ගැනීමට සත්කාරක එංගලන්තය සමන්ත වුණා.

සිව්වන තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ අතර, පස්වන සහ අවසන් තරගය ඊයේ ජය ගත්තේ එංගලන්තයයි.

පස්වන තරගයේ කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා එංගලන්ත කණ්ඩායමට ආරාධනා කළා.

එහිදී එංගලන්ත කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 283ක් රැස්කළ අතර, ඊට පිළිතුරු වශයෙන් ඕස්ට්‍රේලියාව පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 295ක් රැස් කිරීමට සමත් වුණා.

ඉන් අනතුරුව දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 395ක ලකුණු සංඛ්‍යාවක් සිය දෙවන ඉනිමේ ලකුණු පුවරුවට එක් කළා.

ඒ, අනුව ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 383ක ඉලක්කයක් සිය දෙවන ඉනිම වෙනුවෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට හිමි වුණා.

එම ඉලක්කය හඹා ගිය ඕස්ට්‍රේලියානුවන්ට දෙවන ඉනිම සඳහා සියලුදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 334ක් පමණයි.

ඒ, අනුව මෙම තරගයේ ජය සත්කාරක එංගලන්ත කණ්ඩායම සතු වුණා.

මේ අතර එංගලන්තයේ ජයග්‍රහණය වෙනුවෙන් ලබාගතව තිබූ ඕස්ට්‍රේලියානු දෙවන ඉනිමේ අවසන් කඩුල්ල සිය අවසන් ටෙස්ට් තරගය ට සහභාගී වූ ස්ටුවර්ට් බ්‍රෝඩ් විසින් බිඳ හෙළීමට සමත්වීම ද විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56