වවුනියාවේ නිවසකට ගිනි තබා දෙදෙනෙකු ඝාතනය කළ සිද්ධියට පහක් අල්ලයි

පසුගිය 24 වනදා වවුනියාව,තෝණිකල් ප්‍රදේශයේ සාදයක් පැවැත්වෙමින් තිබූ නිවසකට ගිනි තැබූ සිද්ධියට සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වවුනියාව පොලිසිය සඳහන් කළේ මෙම සැකකරුවන් 05 දෙනා ඊයේ (31) රාත්‍රියේ අත්අඩංගුවට ගත බවයි.

වවුනියාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 20 ත් 30 ත් අතර වයසේ පසුවන පුද්ගලයින් පස්දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම සිද්ධියෙන් 23 හැවිරිදි කාන්තාවක් අදාළ ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වූ අතර, ඊට දින දෙකකට පසු ඇයගේ සැමියා ද රෝහල් ගතකර ප්‍රතිකාර ලබමින් සිටිය දී ජීවිතක්ෂයට පත් වුණා.

මේ අතර මෙහිදී තුවාල ලැබූ වයස අවුරදු 02ක පිරිමි දරුවෙක්, අවුරුදු 07ක හා අවුරුදු 13ක ගැහැණු දරුවන් දෙදෙනෙක්, අවුරුදු 19ත් 41ත් අතර පසුවන කාන්තාවන් 04 දෙනෙකු, වයස අවුරුදු 42ක පිරිමි පුද්ගලයෙකු තවමත් රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.

නිවසට ගිනි තැබීමට සහ එහි නිවැසියන්ට පහරදීමට, මුහුණු ආවරණය කරගත් දස දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් පැමිණ තිබූ බවයි අනාවරණය වුණේ.

දීර්ඝ කාලයක් පැවති පෞද්ගලික ආරවුලක් මෙම අපරාධය සිදුකරන්නට හේතු වී ඇති බව පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.

සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු මේ වනවිටත් ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර, සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මක බවයි පොලිසිය පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලනියගේ අවසන් මතක සටහන අරගෙන මිනිස්සු පාරේ ඉන්න හැටි - ඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්ධකාරේ
02:07
Video thumbnail
මුන් තමයි හොරු මහත්තයෝ..අපේ හොරා - නාමල්ගේ කතාවට පිටුපසින් කෑගහලා කියූ දේ
01:47
Video thumbnail
මහින්ද, ගෝඨාභය සහ නාමල් ඇතුළු පාක්ෂිකයින් සීනිගම දේවාලයට - දෙවියන් උදෙසා විශේෂ පූජාවක්
01:49
Video thumbnail
ජාතියේ යශෝරාවයේ දේහය රථ පෙළපාලියෙන් රැගෙන යන අයුරු - ආදරය අරන් පිටුපසින් එන මහ සෙනඟ
02:04
Video thumbnail
කඳුළු ගංඟාවක් මැද නන්දා මාලනියගේ දේහය නිවසින් රැගෙන යන අයුරු - ඥාතීන් හඬා වැටෙයි
02:59
Video thumbnail
ඇමති නලින්ද සහ සුනිල් සෙනෙවි නන්දාට සමුදෙන්න ආ හැටි - නලින්ද දේහය ළඟ සංවේදී වූ මොහොත
01:28
Video thumbnail
සෞම්‍ය ලියනගේ නන්දා මාලනිය ගැන කළ ගැඹුරු විග්‍රහය - ඇයගේ නිර්මාණ මැදිහත්වීම අසමසමයි
04:12
Video thumbnail
මළගෙදරට ගිය නාමල්ව මිනිස්සු වට කරගෙන Selfie ග#හයි - සුනිල් ආරියරත්නට හිනාවෙලා කිව්ව දේ
01:04
Video thumbnail
නිහඬ වූ යශෝරාවයට නාමල් රාජපක්ෂ අවසන් බුහුමන් දක්වයි - හඳවතට කතා කරපු කෙනෙක්
01:26
Video thumbnail
මාලනියට ගෞරව දක්වන්න ගිය ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ.."එතුමා නම් එනවම තමයි"
01:53