බාල වයස්කාර දැරියකට නොමනා වැඩක් කළ විහාරාධිපති හිමියන් රිමාන්ඩ්

අවුරුදු අටක් වයසැති බාල වයස්කාර දැරියක් දූෂණය කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල 76 හැවිරිදි විහාරාධිපති හිමිනමක් ලබන 08 වනදා දක්වා රිමාන්ඩ් කරන ලෙස ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ මහත්මිය අද (31) සවස නියෝග කළේය

මෙසේ රිමාන්ඩ් කරනු ලැබුවේ යක්ගහ වලහන්දුව ප්‍රදේශයේ විහාරස්ථානයක 76 හැවිරිදි හිමිනමකි.

මෙම සැකකාර විහාරාධිපති හිමියන් විහාරස්ථනය අසළ පිහිටි නිවසක කුඩා දැරිය කාමරය තුලට කැඳවා දූෂණය කර ඇති අතර එය දුටු පුද්ගලයෙකු පොලිසියට දන්වා ඇත. ඒ සමගම ක්‍රියාත්මකවු පොලිසිය පැමිණ සැකකාර හිමියන් අත් අඩංගුවට ගෙන ඇති අතර දැරිය කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරපත් කර ඇත.

එහිදි අධිකරණ වෛද්‍ය නිලධාරියා වාර්තා කර ඇත්තේ දැරිය දූෂණයට ලක්වි ඇති බවය.

  1. ඇයි දෙවියනේ ලංකාවෙ මරණ දඬුවම ක්‍රියාත්මක නොකරන්නෙ.ආගම සංස්කෘතිය පැපැත්තකට විසි කරල මේ වගේ අවලම් නපුංසකයො දෙතුන් දෙනෙක් එල්ලපියව්කො.එහෙම උනොත් නම් මේ කාළකණ්නි අපරාධ අඩු වෙයි ලංකාවෙ.