ඩිල්ෂාන්ගෙන් සුපිරි තුන් ඉරියව් දක්ෂතාවයක්

ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම අභිබවා Road Safety World Series තරඟාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තහවුරු කර ගනිමින් මූලික වටයේ තමන්ට හිමි තරග අවසන් කිරීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ තිලකරත්න ඩිල්ෂාන් තුන් ඉරියව්වෙන් දැක්වූ සුපිරි දක්ෂතා හේතුවෙන්

එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම සමග අද පැවැති තරඟයෙන් ශ්‍රී ලංකාව කඩුලු 6ක ජයක් වාර්තා කිරීමත් සමගයි. ශ්‍රී ලංකාව Road Safety World Series තරගාවලිය යටතේ මෙම වසරේ දී ක්‍රීඩා කළ සියලු තරග ජය ගැනීමට සමත් වුණා. ඔවුන් Road Safety World Series තරඟාවලිය යටතේ ක්‍රීඩා කළ සම්පූර්ණ තරග සංඛ්‍යාව 6ක් වන අතර, ඉන් තරග 5ක් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය කඩුලු 9ක් දැවී ලකුණු 78ක් ලබා ගත්තා. ක්‍රිස් ටෙප්ලට් ලකුණු 22ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී අගනා පන්දු යැවීමක නිරත වූ තිලකරත්න ඩිල්ෂාන් සිය පන්දුවාර 4 නිමා කළේ ලකුණු 6ක් පමණක් ලබා දී කඩුලු 4ක් දවා ගනිමින්. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමටනම් පන්දුවාර 7.4ක් තුළ අදාළ ලකුණු සංඛ්‍යාව හඹා යාමට සිදු වුණා. ඒ අනුව ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම පන්දුවාර 7.3ක් තුළ කඩුලු 4ක් දැවී එම ලකුණු සංඛ්‍යාව හඹා යමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තමන් සතු කර ගත්තා. සුපිරි පිතිහරඹයක නිරත වූ ඩිල්ෂාන් පන්දු 26කින් නොදැවී ලකුණු 61ක් ලබා ගත්තේ හයේ පහරක් සහ හතරේ පහර 11ක් සමගින්. ඒ අනුව ශ්‍රී ලංකාව, ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානය හිමි කර ගන්නා කණ්ඩායම සමගින් අවසන් පූර්ව වටයේ දී තරග වැදීමට නියමිතයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පලේගම හේමරතන හිමිට අධිකරණයෙන් ලැබුණු විශේෂ නියෝගය මෙන්න..නීතිඥවරු 30ක ප්‍රමාණයක් අදත් ඇවිත්
01:36
Video thumbnail
මල්වානේ නිවසට කඩා පැන්න අන්තරේට මහින්ද කිව්ව දේ..මේක සාමකාමීව විසඳගන්නවා
01:14
Video thumbnail
අපි ආණ්ඩුවේ අවලාදවලට හිරවෙලා..ආර්ථිකය බලන් ඉද්දිම කඩා වැටෙනවා l Dilith Jayaweera
09:37
Video thumbnail
නීතිය රකින පොලිස් නිලධාරින් හෙල්මට් නැතුව බයික් එකේ යන හැටි..නීති දෙකක්ද ?
00:44
Video thumbnail
මල්වානේ නිවසේ නවතම තත්ත්වය..ලොක්කොන්ගේ දේපළ එළියට ආවා කියලා කළබලයක් වෙලා
04:22
Video thumbnail
මිලියන 6000ක බැඳුම්කර වංචාවක් ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..සමාගමට දෙයියන්ගෙම පිහිටයි
06:31
Video thumbnail
කෝටි 27ක ගල් අඟුරු මුහුදට වැටීමේ අවදානමක් ?DV චානකගෙන් තවත් ප්‍රබල හෙළිදරව්වක්..
05:00
Video thumbnail
ඉවසුවා ඇතිනේද ?දැන් තමයි නැගිටින්න ඕනි.. දුමින්ද ජනතාවගෙන් ප්‍රශ්න කරයි
06:58
Video thumbnail
තෙල් ගේන මිනිහට ලොකු කුට්ටියක් ගන්න ආණ්ඩුව ඉඩ දුන්නා - ගම්මන්පිලට යකා නගියි
06:25
Video thumbnail
කැලඹුණු කාලගුණය නිසා දෙදෙනෙකුගේ දිවි අහිමිවෙලා..දිස්ත්‍රික්ක කිහිපයක ජනතාව පීඩාවට
07:56