එක්සත් රාජධානිය පදනම් කරගත් ප්‍රජාතන්ත්‍රවාදී ගැති ක්‍රියාකාරීන්ට ඩොලර් මිලියනයක ත්‍යාගයක් ලබා දෙන බවට චීනය විසින් මෑතදී කරන ලද තර්ජනයෙන් පසුව හොංකොං අධිකරණවලින් සියලුම බ්‍රිතාන්‍ය විනිසුරුවන් ඉවත් කරගැනීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය රජය දැඩි පීඩනයකට මුහුණ දී සිටිනවා.
චීන කොමියුනිස්ට් පක්ෂය විසින් එල්ල කරන ලද ජාත්‍යන්තර තර්ජනයට එරෙහිව තීරණාත්මක ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසට සාමි මන්ත්‍රී මණ්ඩලයේදී අදහස් පළ වී තිබුණා.
එක්සත් රාජධානියේ, එක්සත් ජනපදයේ, කැනඩාවේ සහ ඕස්ට්‍රේලියාවේ වෙසෙන අය ඇතුළුව පිටුවහල් කරන ලද ප්‍රජාතන්ත්‍රවාදී ගැති ක්‍රියාකාරීන් අට දෙනෙකු සඳහා අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කිරීමත් සමඟ, මෙම පුද්ගලයින්ගේ ආරක්ෂාව සහ නිදහස පිළිබඳ අවධානය ඉහළ ගියා.
හොංකොං වෙත වෙළඳ ඇමතිවරයෙකු යැවීමට රජය ගත් තීරණය සම්බන්ධයෙන් ලිවර්පූල්හි ඇල්ටන් සාමිවරයා පාර්ලිමේන්තු සැසිවාරයකදී කනස්සල්ල පළ කර තිබුණේ එමගින් එරට පළාත් පාලන ආයතනවලට ගෞරවනීයත්වයේ ආවරණයක් පිරිනැමෙන බව සඳහන් කරමින්.
ඒ අනුව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගැති ක‍්‍රියාකාරීන්ගේ ආරක්ෂාව සහ තීරණාත්මක කි‍්‍රයාමාර්ගයක අවශ්‍යතාවය පිළිබඳ වැඩෙන උත්සුකයන්ට එය පරස්පර විරෝධී බවක් පෙනෙන්නට තිබූ බැවින්, එම පියවර විවේචනයට ද ලක් වී තිබුණා.
දැනටමත් චීනයේ තහංචියකට ලක්ව සිටින බැරොනස් හෙලේනා කෙනඩි ද මෙම ක්‍රියාකාරීන් මුහුණ දෙන ආරක්‍ෂාව පිළිබඳ අවධාරණය කළා.
බීජිනයෙන් එල්ල වන තර්ජන ආමන්ත්‍රණය කරන ලෙසත් පාලන තන්ත්‍රය විසින් ඉලක්ක කරන ලද අය ආරක්ෂා කිරීමට ස්ථිර ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසත් ඇය ඉල්ලා සිටිනවා.
පිටුවහල් කරන ලද ප්‍රජාතන්ත්‍රවාදී ගැති ක්‍රියාකාරීන් අට දෙනෙකු සඳහා හොංකොං හි ප්‍රධාන විධායක නිලධාරී ජෝන් ලී විසින් නිකුත් කරන ලද අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ බිය තවත් තීව්‍ර කිරීමට හේතුවක් වී තිබෙනවා.
හොංකොං හි චීනයේ ජාතික ආරක්ෂක නීතිය පැනවීමෙන් පසු මෙම පුද්ගලයින් එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, කැනඩාව සහ ඕස්ට්‍රේලියාව ඇතුළු බටහිර රටවල රැකවරණය පැතීමට කටයුතු කළා.
ඔවුන් තම සත්කාරක රටවලින් පිටව ගියහොත් ඔවුන් පිටුවහල් කර නඩු පැවරිය හැකි බවටයි වරෙන්තු මගින් දැනුම් දී ඇත්තේ. සාමි මන්ත්‍රී මණ්ඩලය විසින් මතු කරන ලද කරුණුවලට ප්‍රතිචාර දක්වමින් විදේශ කටයුතු අමාත්‍ය අහමඩ් පැවසුවේ චීනය විසින් පනවා ඇති ජාතික ආරක්ෂක නීතියට එක්සත් රාජධානියේ අධිකරණ බලයක් නොමැති බවයි.
හොංකොං සමඟ උදර්පන ගිවිසුම 2020 දී දින නියමයක් නොමැතිව අත්හිටවූ බවට ඔහු තහවුරු කළ අතර ප්‍රජාතන්ත්‍රවාදී හිතවාදීන් ඉලක්ක කිරීම සම්බන්ධයෙන් චීනය සහ හොංකොං වගකිව යුතු බවට රජයේ වන ස්ථාවරය ද අවධාරණය කළා. එහෙත් වෙළඳ සබඳතාවලදී අහමඩ් සාමිවරයා පෙන්වා දුන්නේ ගෝලීය වශයෙන් චීනය සමඟ සම්බන්ධ වීම වැදගත් බවයි.
කෙසේ වෙතත්, කොන්සර්වේටිව් පාක්ෂික හොවෙල් සාමිවරයා බ්‍රිතාන්‍ය විනිසුරුවන් ඉල්ලා අස්කර ගත යුතු බවට කරන ලද ඉල්ලීමට සහාය පළකළේ චීනය ශිෂ්ට සම්පන්න ජාතියක් ලෙස සැලකීමට අවශ්‍ය නම්, එය වඩාත් ශිෂ්ට හැසිරීමක් ප්‍රදර්ශනය කළ යුතු බව ප්‍රකාශ කරමින්. පිටුවහල් කරන ලද ක්‍රියාකාරීන්ගේ අයිතිවාසිකම්වලට ගරු කරන ලෙස චීනයෙන් ඉල්ලා සිටින එක්සත් ජනපදය සහ ඕස්ට්‍රේලියාව විසින් ද චීනයේ ප්‍රසාද දීමනා හෙළා දැක තිබුණා.
ප්‍රසාද දීමනා පිළිබඳ ප්‍රශ්නය චීනය සහ බටහිර රටවල් අතර වැඩෙන ආතතිය ඉස්මතු කර ඇති අතර එය ඉදිරි මාසවලදී තවදුරටත් මතභේදයට තුඩු දෙනු ඇති බවයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.














