නවසීලන්තයේ ඔක්ලන්ඩ් නුවර සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

ඉන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති අතර සිද්ධීයෙන් තවත් පුද්ගලයින් 06 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.එම පිරිස අතර පොලිස් නිලධාරින් ද වන බව සඳහන්.

ඕක්ලන්ඩ් නුවර මධ්‍යයේ ඉදිකිරීම් පරිශ්‍රයක් තුළදී මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර ඊට සම්බන්ධ සැකකරු ද ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ප්‍රහාරය ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන බවයි නවසීන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස් හිප්කින්ස් පවසන්නේ.

කෙසේවෙතත් මෙම ප්‍රහාරය වාර්තා වන්නේ කාන්තා පාපන්දු ලෝක කුසලාන තරගාවලිය පැවැත්වීම සඳහා නවසීලන්තය සියලු කටයුතු සූදානම් කර ඇති පසුබිමක් තුළයි.

තරගය ආරම්භ කිරීමට පැය කිහිපයක් පමණක් ඉදිරිව තිබියදී මෙම සිද්ධිය වාර්තා වූ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්