ප්‍රංශයේ පැවති ලෝක ශූරතා පැරා මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙදෙනෙකු ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගෙන අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළින් මෙරටට පැමිණ.තිබෙනවා.
මෙම තරගාවලිය පසුගිය 07 වනදා සිට 17 වනදා දක්වා ප්‍රංශයේ පැරිස් නුවර දී පැවැත්වුණේ රටවල් 106ක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන්.
මෙම තරගාවලියේ දී T46 කාණ්ඩය යටතේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් දිනේෂ් ප්‍රියන්ත සහ T44 කාණ්ඩය යටතේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් තරග කළ සමිත දුලාන් එම ඉසව් වලින් ලෝකඩ පදක්කම් දිනා ගෙන තිබුණා.
ඔවුන් අද උදෑසන 09ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ EK- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි බව අප වාර්තාකරු සඳහන් කළා.
ඔවුන් පිළිගැනීම සදහා ක්‍රීඩා අමාත්‍යාංශයේ ව්‍යාපෘති නිලධාරී ගාමිණී කොස්තා, ජාතික පැරා ඔලිම්පික් කමිටුවේ සභාපති දීපාල් හේරත් ඇතුළු එම කමිටුවේ සාමාජිකයන්, ශ්‍රී ලංකා යුධ හමුදා ක්‍රීඩා කමිටුවේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිට තිබෙනවා.













