පදක්කම් දිනූ පැරා මලල ක්‍රීඩා ශූරයන් දිවයිනට

ප්‍රංශයේ පැවති ලෝක ශූරතා පැරා මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙදෙනෙකු ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගෙන අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළින් මෙරටට පැමිණ.තිබෙනවා.

මෙම තරගාවලිය පසුගිය 07 වනදා සිට 17 වනදා දක්වා ප්‍රංශයේ පැරිස් නුවර දී පැවැත්වුණේ රටවල් 106ක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන්.

මෙම තරගාවලියේ දී T46 කාණ්ඩය යටතේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් දිනේෂ් ප්‍රියන්ත සහ T44 කාණ්ඩය යටතේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් තරග කළ සමිත දුලාන් එම ඉසව් වලින් ලෝකඩ පදක්කම් දිනා ගෙන තිබුණා.

ඔවුන් අද උදෑසන 09ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ EK- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටි බව අප වාර්තාකරු සඳහන් කළා.

ඔවුන් පිළිගැනීම සදහා ක්‍රීඩා අමාත්‍යාංශයේ ව්‍යාපෘති නිලධාරී ගාමිණී කොස්තා, ජාතික පැරා ඔලිම්පික් කමිටුවේ සභාපති දීපාල් හේරත් ඇතුළු එම කමිටුවේ සාමාජිකයන්, ශ්‍රී ලංකා යුධ හමුදා ක්‍රීඩා කමිටුවේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිට තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී නැගිටලා ආණ්ඩුවට රිදෙන්නම දෙයි - සිරිකොතේ වැසිකිළියේ ඇතුළේ මැදිහත්වීමද ?
11:53
Video thumbnail
නවීනතම ලැම්බෝගිනි 14ක් කටුනායකට
01:06
Video thumbnail
නීතිඥ සංගමයේ සභාපති වෙනුවෙන් හඬනැගූ සජිත් - මන්ත්‍රීලා තර්ජනාත්මක විදියට කතා කළේ
09:52
Video thumbnail
ආණ්ඩුවට ග#ලා එළවන දවස වැඩි ඈතක නෑ
08:48
Video thumbnail
මයික් එක OFF කරපු නිසා සජිත්ට රතු කට්ට පනියි..කවුද දන්නේ නෑ මයික් OFF කරන්න දාලා තියෙන්නේ
02:16
Video thumbnail
NPP ආණ්ඩුව බුද්ධ ධර්මය පිළිගන්නවද..? ගස් ගල්වලට වඳින මිනිස්සු කියලානේ කිව්වේ එයාලා..
00:21
Video thumbnail
අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම නිසා මිනිසුන්ට යකා නගියි ?මේක දැන් සුසාන භූමියක්වෙලා..බැකෝ ගෙනල්ලා කැඩුවා
08:29
Video thumbnail
මහා බැංකුවේ හදිසි තත්ත්වයක් ?හෙලිකොප්ටර්වලින් ඇවිත් මහ බැංකුවට බහියි..ගිනි නිවීමේ රථත් කැදවයි
03:07
Video thumbnail
අධිචෝදනා ලබා දීමෙන් පසු ඇප මත මුදාහැරපු කරන්නාගොඩ සහ යෝෂිත - යෝෂිත හැරිලා මූණත් බලලා යන හැටි
01:33
Video thumbnail
උසාවිවල තියෙන ඇත්තම ප්‍රශ්නය මෙන්න මේකයි
02:43