වෑන් රථ දෙකක් මුහුණට මුහුණලා ගැටිමෙන් අනතුරක්

වෑන් රථ දෙකක් මුහුණට මුහුණලා ගැටිමෙන් (19) දින අලුයම අනතුරක් සිදු වි ඇති බව දිඹුල පතන පොලිසිය පැවසිය.

මස්කෙලිය සිට නානුඔය දක්වා ධාවනය වු ඩොල්ෆින් වර්ගයේ වෑන් රථයක් සහ කොටගල සිට හැටන් දක්වා ධාවනය වු කුඩා වෑන් රථයක් මෙසේ මුහුණට මුහුණලා ගැටිමෙන් මෙම අනතුර සිදු වි ඇත.හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ කොටගල කොමර්ෂල් ප්‍රදේශයේදි මෙම අනතුර සිදු වි ඇත. කොටගල සිට හැටන් දක්වා ධාවනය වු කුඩා වෑන් රථය (19) දින අලුයම කොටගල ප්‍රදේශයට පැවති අයහපත් කාලගුණයත් සමග ලිස්සාගොස් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු ඩොල්ෆින් වර්ගයේ වෑන් රථයේ ගැටි මෙම අනතුර සිදු වි ඇත.

කුඩා වෑන් රථය ධාවනය කල රියදුරා බිමත්ව සිට ඇති බවත්, එම රියදුරා අනතුර සිදු විමත් සමග පලාගොස් ඇති බවයි දිඹුල පතන පොලිසිය කියා සිටියේ.

අනතුරෙන් වෑන් රථ දෙකෙහි ගමන් ගත් කිසිවෙකුට තුවාල සිදු වි නොමැති අතර , අනතුරෙන් වෑන් රථ දෙකට දැඩි අලාභ හානි සිදු වි ඇති බවත්, අනතුර සිදු විමෙන් පසු පලා ගිය රියදුරා අත්අඩංගුවට ගැනිමට මෙහෙයුමක් දියත් කර ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන දිඹුල පතන පොලිසිය පැවසීය

වර්ෂාව පවතින වේලාවන්හි හැටන් කොළඹ , හැටන් නුවරඑලිය සහ අතුරු මාර්ග ලිස්සන සුළු බැවින් එම මාර්ග වල රථ වාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරන ලෙස දිඹුල පතන පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.