වන අලියෙකු නිසා කාන්තාවක් මියයයි

මහියංගණය දෙහිගොල්ල ගම්මානයේ නිවසකට අද (19) අළුයම් කාලයේ එල්ලවූ වන අලි ප්‍රහාරයකින් එම නිවෙස් ජිවත්වූ කාන්තාවක් මියගොස් තවත් කාන්තාවක් බපරතල තුවාල ලබාඇතැයි මහියංගණය පොලිසිය පවසයි .

මියගොස් ඇත්තේ කුඩාගලයාය දෙහිගොල්ල ලිපිනයේ පදිංචිව සිටි ඊ.ජී.දයාවතී නමැති 68 හැවිරිදි කාන්තාවකි .

තුවාල ලබා ඇත්තේ ඇගේ මිනිබිරිය වන පියුමි ලක්ෂානි (23) නමැත්තයකි .

ආතම්මා සහ මිනිබිරිය නිදාගෙන සිටියදී අළුයම 2-30 ට පම මෙම වන අලි ප්‍රහාරයේදී මෙම කාන්තාවන් දෙදෙනාටම බරපතල තුවාල සිදුව ඇති අතර නිවසද බරපතල හානියක් සිදුව තිබේ . කාන්තාවන් දෙදෙනා මහියංගණය මූලික ‍රෝහලට ඇතුලත් කිරීමෙන් එක් කාන්තාවක් ( මිත්තනිය ) මියගොස් ඇතැයද පොලිසිය සඳහන් කළේය.

මහියංගණය පොලිසිය විමර්ශන සිදුකරයි .