අද උදැසන(18) අම්බලන්ගොඩ ඌරාවත්ත ප්රදේශයේ දුම්රිය මාර්ගයේ තිබි හමු මළසිරුර බද්දේගම පෙඩ්රූ වත්තේ පදිංචි 36 හැවිරිදි ධනුෂ්ක රුවන් කුමාර නැමැති එක්දරු පියෙක් බව නැගෙනිය විසින් හදුනා ගෙන ඇතිබව අම්බලන්ගොඩ පොලිසිය බවසයි.
අද දහවල් අම්බලන්ගොඩ හදිසි මරණ පරික්ෂක කමලා වගාආච්චි මහත්මිය පැමිණ හදිසි මරණ පරික්ෂණයේදි මරණ කරු පිළිබද ඔහුගේ නැගෙණිය විසින් හදුනාගෙන ඇත.
මරණය සැක සහිත බව නැගෙණිය ප්රකාශ කිරිම නිසා මහෙස්ත්රාත් පරික්ෂණයක් හෙට පවත්වන ලෙසට හදිසි මරණ පරික්ෂකවරිය නියෝ කර මෘත දේහය බලපිටිය රෝහලට යවනලෙස නියෝග කර තිබේ.
මියගිය අයගේ බිරිද විදේශ ගතව ඇතිබැවින් නැගෙණියගේ නිවසේ සිට ඊයේ (17) රාත්රියේ කොළඹ යාම සදහා මිතුරන් සමග අම්බලන්ගොඩ නගරයට පැමිණ ඇති බවද හෙලි විය. පාදයක කොටසක් වෙන්ව අතුරුදහන්ව හිසට බරපතල තුවාල සහිතව දුම්රිය මාර්ගයේ මියගොස් සිටියදි උදැසන හමුවි තිබේ.
මරණය සිදුවු ආකාරය පිලිවදව වැඩිදුර විමර්ශනය අම්බලන්ගොඩ පොලිසිය සිදු කරයි.
