දේශපාලන පළිගැනීම් කොමිසමේ නිර්දේශවලට එරෙහිව ගොනු කළ පෙත්සම් ගැන නිරීක්ෂණ ඉදිරිපත් කරන්නැයි නියෝග

ඉකුත් රජය සමයේ පත් කෙරුණු දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ පරීක්ෂණ කොමිසම විසින් සිදුකර තිබෙන නිර්දේශ හා සොයා ගැනීම් බල රහිත කිරීමේ නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා ජනාධිපති ලේකම් සමන් ඒකනායක, හිටපු නාවික හමුදාපති ට්‍රැවිස් සින්නයියා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු පිරිසක් විසින් ඉදිරිපත් කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් නිෂ්ප්‍රභ කරන ලෙස එම කොමිසමේ සභාපතිවරයා විසින් මතු කර තිබෙන විරෝධතා සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ නිරීක්ෂණ ඉදිරිපත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) නියෝග කළා.

අදාළ පෙත්සම් අද සලකා බැලීම සඳහා විජිත් මළල්ගොඩ, අචල වෙංගප්පූලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී අදාළ පෙත්සම් වල වගඋත්තරකරුවකු වශයෙන් නම් කර සිටින දේශපාලන පලිගැනීම් පිළිබදව සොයා බැලූ කොමිසමේ සභාපති හා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ඉක්‍රම් මොහොමඩ් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම් තුළින් සඳහන් වන කරුණු විධායක හෝ පරිපාලන ක්‍රියාවන්ට අදාල නොවන හෙයින් ඒවා පවත්වාගෙන යා නොහැකි බවට විරෝධතා මතු කළා.

එහෙත් පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි උපුල් කුමරප්පෙරුම, සුදර්ශන ගුණවර්ධන ඇතුළු නීතිඥ මණ්ඩලය අධිකරණයට පෙන්වා දුන්නේ වගඋත්තරකාර පාර්ශ්වය විසින් ඉදිරිපත් කරන විරෝධතාවල කිසිදු පදනමක් නොමැති බවත් අදාළ පෙත්සම් නීතිය ඉදිරියේ පවත්වාගෙන යාමට හැකි බවයි.

ඒ, අනුව මෙම විරෝධතාවට අදාළ ලිඛිත දේශන ඉදිරිපත් කරන ලෙස පෙත්සම්කාර පාර්ශ්වයට ද නියෝග කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම විරෝධතාවට අදාළ නීතිපතිවරයාගේ ස්ථාවරය හා නිරීක්ෂණ මීළඟ දින අධිකරණයට දැනුම් දෙන ලෙසත් නියෝග කළා.

ඉන් අනතුරුව අදාළ පෙත්සම් ඔක්තෝම්බර් මස 12 වන දා යළි කැඳවන ලෙසත් නියෝග කෙරුණා.

මෙම පෙත්සම් ඉකුත්දා කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා අධිකරණයට දැනුම්දී තිබුණේ දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ කොමිසම විසින් සිදුකර තිබෙන නිර්දේශ හා සොයා ගැනීම් සම්බන්ධයෙන් ඉදිරි පියවර නොගනීමට අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් තීරණය කර ඇති බවයි.

ඒ, අනුව අදාළ පෙත්සම් තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක් මතු නොවන බවත් නීතිපතිවරයා විසින් මීට පෙර අධිකරණයට දැනුම් දී තිබුණා.

අදාළ කොමිසමේ නිර්දේශ බලරහිත කළ ලෙස ඉල්ලා ජනාධිපති ලේකම් සමන් ඒකනායක, හිටපු නාවික හමුදාපති ට්‍රැවිස් සින්නයියා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, එම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර, සන්ධ්‍යා එක්නැළිගොඩ ඇතුළු නවදෙනෙකු විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රත්නපුරත් ගංවතුරෙන් යටවෙයි - මිනිස්සු අමාරුවේ වැටෙයි
01:47
Video thumbnail
"උලපනේ කන්දක් නායයෑමේ අවදානමක්." හැමෝම දැනුවත් කරන්.. දැනටමත් ගල් ගලවගෙන එනවා..
00:43
Video thumbnail
ඇමති හොරකම් කරගත්ත සල්ලි ටික මේ ආණ්ඩුව මිනිස්සුන්ගෙන් ගන්නවා
14:26
Video thumbnail
අයහපත් කාලගුණය නිසා නුවරඑළියේ පාසල්වලට නිවාඩු
01:13
Video thumbnail
විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි
01:18
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29