භාණ්ඩ බෙදා හරින සේවකයන් දෙදෙනෙකු මංකොල්ලකයි

අන්තර්ජාලය හරහා ඇණවුම් කළ භාණ්ඩ බෙදා හරිමින් සිටි සමාගම් දෙකක සේවකයින් දෙදෙනෙකු ගස් බැඳ ඔවුන් සතුව තිබූ රුපියල් ලක්ෂ 3කට ආසන්න වටිනාකමකින් යුත් භාණ්ඩ හා මුදල් තොගයක් කොල්ලා පළා ගිය සංවිධානාත්මක කල්ලියක් අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

අද (12) දහවල් ඉපලෝගම සේනපුර, යාය 05 ප්‍රදේශයේදී මෙම මංකොල්ලකෑම සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සිදුවීමට මුහුණ පෑ සේවකයින් දෙදෙනා ඉපලෝගම පොලිස් ස්ථානයට සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කර තිබෙනවා.

අන්තර්ජාලය ඔස්සේ ඇණවුම් කළ භාණ්ඩ තොගයක් බෙදාහරිමින් සිටියදී සේනපුර යාය 05, ප්‍රදේශයේ දී කිසියම් පිරිසක් තමන් අල්ලා ගස් බැඳ බෙදා හැරීමට නියමිත භාණ්ඩ හා මුදල් මෙන්ම ජංගම දුරකතන දෙකක් ද සැකකරුවන් මෙලෙස මංකොල්ල කා පළා ගොස් ඇතැයි සඳහන්.

සැකකරුවන් මංකොල්ල කා පලාගොස් ඇති දේපළ අතර බෙදා හැරීම් සේවකයින් දෙදෙනා අත තිබූ රැපියල් ලක්ෂ දෙකකට පමණ ආසන්න වටිනාකමක් ඇති භාණ්ඩ සහ ඔවුන් සතුව තිබූ රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් ද වන බව පොලිසිය ප්‍රකාශ කළා.

මෙම සංවිධානාත්මක අපරාධය සිදු කළ සැකකරුවන් සොයා ඉපලෝගම පොලිස් ස්ථානය මගින් විමර්ශණ ආරම්භ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25