දෙබිඩි දරුවන් වෙන් කිරීමේ සැත්කමක් සාර්ථකව සිදුකරයි

රෝහලකදී පැය හතහමාරක සැත්කමකින් පසුව දෙබිඩි දරුවන් වෙන් කිරීමේ සැත්කමක් සාර්ථකව අවසන් කිරීමට සවුදි අරාබියේ රියාද් නුවර විශේෂිත වෛද්‍ය මණ්ඩලයක් සමත් වී ඇතැයි ඇරබ් නිවුස් පුවත් සේවය වාර්තා කළා.

සවුදි රජය යටතේ ආධාර ලබන කේ.එස්. රිලීෆ් නමැති දෙබිඩි දරුවන් සම්බන්ධ සුබසාධන ව්‍යාපෘතියකට අනුව මේ සැත්කම සිදු කරනු ලැබුවේ ළමා ශල්‍ය වෛද්‍ය මහාචාර්ය අබ්දුල්ලා අල් රබියාගේ ප්‍රධානත්වයෙන් බවත්, අදියර 5ක් යටතේ සිදුවූ එම සැත්කමට විශේෂඥ වෛද්‍යවරු 26 දෙනකු එක්වූ බවත් ඇරබ් නිවුස් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.

එම සැත්කමට මුහුණ දුන් බාසම් සහ ඉහ්සාන් නමැති දෙබිඩි දරුවන් දෙදෙනා මේ වන විට සැත්කමින් පසුව සුවෙන් පසුවන බව ද වාර්තා වේ.

දරුවන්ගේ මාපියන්ට ශල්‍යගාරයෙන් පිටත රූපවාහිනි තිරයකින් එම සැත්කම සජීවිව නැරඹීමේ පහසුකම් ද සලසා තිබූ බව වැඩිදුරටත් වාර්තා වේ.දශක 3ක කාලයක් පුරා සෞදි රජයේ අනුග්‍රාහකත්වය යටතේ මේ ව්‍යාපෘතිය සිදු කෙරෙන අතර, මේ දක්වා රටවල් 23ක දිළිඳු පවුල්වල උපන් දෙබිඩි දරුවන් වෙන් කිරීමේ සාර්ථක සැත්කම් 58ක් සිදු කර ඇතැයි ද වාර්තා වේ. දෙබිඩි දරුවන් වෙන් කිරීමේ සැත්කම් නොමිලේ සිදු කරනු ලබන සුබසාධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන එකම රට ද සවුදි අරාබිය බව වාර්තා වේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තරුණියකගේ දුරකථයක් ඉස්සූ සොරාට ගම්මු එකතුවෙලා ගුටි පූජාවක් දෙයි
01:24
Video thumbnail
කැමරා ප්‍රදර්ශනයක් බලන්න ගිය සජිත්ව හතර වටින්ම වට කරගෙන කට්ටිය සෙල්ෆි ගහයි
02:51
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන ජාතික විද්වත් සංවිධානයේ ජාතික සමුළුව
00:00
Video thumbnail
ජාතික විද්වත් සංවිධානයේ වේදිකාවට ජනපති අනුර ගැම්මට ආපු හැටි - මිනිස්සු නැගිටලා ප්‍රීති ඝෝෂා නගයි
01:28
Video thumbnail
ලෝකයේ අර්බුදයක් තියෙනවා කියලා අපිට අමතකවෙලා - සමස්ත බර බදු මුදල්වලින් දරාගෙන ඉන්නේ
02:49
Video thumbnail
උඩුවර නව කොළනිය ගල් පෙරලීමේ අවදානමක්..තවත් ගල් ගැලවෙන්න පුළුවන් ?
00:51
Video thumbnail
"පුතේ ජීවිතේ කෙටි පාරවල් නෑ.."අගමැතිනිය ළමයි ඉදිරියේ කිව්ව සුපිරි කතාව
03:24
Video thumbnail
වෙස් මූණු බැඳන් ආවට මේ ඉන්නේ පරණ සුද්දවන්තයෝ - පොලිස්පතිව ඔඩොක්කුවේ තියාගෙන වැජඹෙන්න හදන්නේ
07:49
Video thumbnail
බස් රථයක් පුද්ගලයෙක්ව අනතුරට පත්කර පලා යන අයුරු - CCTV කැමරාවේ සටහන් වුණේ මෙලෙසින්
00:30
Video thumbnail
පාදයක ආබාධයක් සහිතව ආනපල්ලම ගමට කඩා වැදුණු අලියා - අලියගේ ජීවිතය අනතුරේ
00:36