දෙබිඩි දරුවන් වෙන් කිරීමේ සැත්කමක් සාර්ථකව සිදුකරයි

රෝහලකදී පැය හතහමාරක සැත්කමකින් පසුව දෙබිඩි දරුවන් වෙන් කිරීමේ සැත්කමක් සාර්ථකව අවසන් කිරීමට සවුදි අරාබියේ රියාද් නුවර විශේෂිත වෛද්‍ය මණ්ඩලයක් සමත් වී ඇතැයි ඇරබ් නිවුස් පුවත් සේවය වාර්තා කළා.

සවුදි රජය යටතේ ආධාර ලබන කේ.එස්. රිලීෆ් නමැති දෙබිඩි දරුවන් සම්බන්ධ සුබසාධන ව්‍යාපෘතියකට අනුව මේ සැත්කම සිදු කරනු ලැබුවේ ළමා ශල්‍ය වෛද්‍ය මහාචාර්ය අබ්දුල්ලා අල් රබියාගේ ප්‍රධානත්වයෙන් බවත්, අදියර 5ක් යටතේ සිදුවූ එම සැත්කමට විශේෂඥ වෛද්‍යවරු 26 දෙනකු එක්වූ බවත් ඇරබ් නිවුස් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.

එම සැත්කමට මුහුණ දුන් බාසම් සහ ඉහ්සාන් නමැති දෙබිඩි දරුවන් දෙදෙනා මේ වන විට සැත්කමින් පසුව සුවෙන් පසුවන බව ද වාර්තා වේ.

දරුවන්ගේ මාපියන්ට ශල්‍යගාරයෙන් පිටත රූපවාහිනි තිරයකින් එම සැත්කම සජීවිව නැරඹීමේ පහසුකම් ද සලසා තිබූ බව වැඩිදුරටත් වාර්තා වේ.දශක 3ක කාලයක් පුරා සෞදි රජයේ අනුග්‍රාහකත්වය යටතේ මේ ව්‍යාපෘතිය සිදු කෙරෙන අතර, මේ දක්වා රටවල් 23ක දිළිඳු පවුල්වල උපන් දෙබිඩි දරුවන් වෙන් කිරීමේ සාර්ථක සැත්කම් 58ක් සිදු කර ඇතැයි ද වාර්තා වේ. දෙබිඩි දරුවන් වෙන් කිරීමේ සැත්කම් නොමිලේ සිදු කරනු ලබන සුබසාධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන එකම රට ද සවුදි අරාබිය බව වාර්තා වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
2
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හෝටලයක දී අත්අඩංගුවට ගත් චීන්නූ 06 දෙනා රිමාන්ඩ්..මෙයාලා සෙට් එකද හැකර්ලා ?
02:05
Video thumbnail
"හිතනවද මහින්දට අත තියන්න දෙයි කියලා"..හිටපු ජනපති මහින්දගේ මාධ්‍ය ප්‍රකාශක කට අරියි
07:49
Video thumbnail
රාජ්‍ය නිලධාරින්ගේ එළොව යෑම ගැන සුසිල් කිව්ව දේ..මිය ගිය අය මිය ගිහින් තියෙන්නේ..
01:04
Video thumbnail
පුනර්ජනනීය බලශක්තිය පද්ධතියට දැම්මට ගබඩා කරන්න නිසි බැටරි නෑ අපිට..වැඩි කිරීමට හේතු කියන PUCSL
02:04
Video thumbnail
18%කින් විදුලි බිල ඉහළ යන කාණ්ඩ PUCSL එක හෙළිකරයි..සියලුම රාජ්‍ය ආයතනවලත් මිල වැඩිවෙයි
04:54
Video thumbnail
ගම්මන්පිල එළියට ඇවිත් රංග ගැන හෙළිකරපු දේ..ආලවක යකා වගේ මාව මහන්සි කලාට මම මේක නවත්තන්නේ නෑ
06:01
Video thumbnail
රංග රාජපක්ෂගේ එළොව යෑම ගැන ප්‍රකාශයක් දෙන්න ආ ගම්මන්පිල..ෆයිල් එකත් අරගෙන හිනාවෙවී එන හැටි
01:40
Video thumbnail
පවුල් සෞඛ්‍ය ක්ෂේත්‍රයට වසර 100යි..නමුත් අඩුපාඩු ගොඩයි..ක්ෂේත්‍රයට වැඩි සැලකිල්ලක් දෙන්න
03:48
Video thumbnail
කෝ ළමයට හෙල්මට් නැද්ද ?..මේ ඔයාගේ පණ නෙවෙයිද ? පොලිස් නිලධාරියා දුන්න සුපිරි උපදෙස
08:26
Video thumbnail
සංගීත ප්‍රසංගයකදී මර්සලයින් පතිරණ ගායකයාට වෙච්ච දේ.."මං බොන්නේ මගේ සල්ලිවලින් හරී"
03:53