“නයින්-ඩැෂ් රේඛාව” නිසා ‘බාබී’ චිත්‍රපටිය වියට්නාමයේ තහනම්

වෝර්නර් බ්‍රදර්ස් චිත්‍රපට සමාගම මහත් අපේක්ෂාවකින් යුතුව එළිදැක්වීමට සිටි බාර්බි” චිත්‍රපටය වියට්නාමයේ තහනම් කර ඇති බව නිව් යෝර්ක් පෝස්ට් වාර්තා කර තිබෙනවා.

ග්‍රේටා ගර්විග් විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටය ජූලි 21 වන දින වියට්නාමයේ සිනමාහල් වෙත පැමිණීමට නියමිතව තිබුණා.

ඒ ලොව පුරා බොහෝ රටවල මෙම චිත්‍රපටය තිරගත කිරීමේ කටයුතුවලට සමගාමීවයි.

කෙසේ වෙතත්, වියට්නාම රාජ්‍ය මාධ්‍ය නිවේදනය කළේ, වියට්නාමය ප්‍රකාශ කරන දකුණු චීන මුහුදේ චීනයේ භෞමික හිමිකම් නියෝජනය කරන රේඛා කොටස් සමූහයක් වන “නයින්-ඩැෂ් රේඛාව” භාවිත කරන සිතියමක් ඇතුළත් දර්ශනයක් හේතුවෙන් චිත්‍රපටය නිකුත් නොකරන බවයි.

පෙන්නුම් කර ඇති එම සිතියම මගින් වියට්නාමයේ ස්වෛරීභාවය උල්ලංඝනය කරන බැවින් ඒ සඳහා බලපත්‍ර ලබා නොදෙන බවයි ඔවුන් පවසන්නේ.

මෙම තීරණය දැන් ඇත්තේ වියට්නාමයේ ජාතික චිත්‍රපට ඇගයීම් කවුන්සිලය විසින්.

වියට්නාමයේ මහාද්වීපික රාමුවට අයත් තෙල් සම්පතින් අනූන කොටසක් අන්තර්ගත වන අයුරින් අදාළ රේඛාව U හැඩයෙන් යුතුව සිතියම් මත ප්‍රථම වරට දක්නට ලැබුණේ 1947 දීයි.

නිව් යෝර්ක් පෝස්ට් පුවත්පතට අනුව, මෙම රේඛාව බෙහෙවින් මතභේදයට තුඩු දී ඇත්තේ තායිවානය, පිලිපීනය, බෲනායි, මැලේසියාව සහ වියට්නාමය ඇතුළු චීනයේ අසල්වාසීන් බොහෝමයක් භෞමික හිමිකම් සඳහා මෙම රේඛාවට තරඟ කිරීම හේතුවෙන්.

මෙම රේඛාව සම්බන්ධ කටයුතුවලදී කටයුතුවලදී චීනයට එල්ල වන්නේ දැඩි විවේචනයක්.

“බාර්බි” චිත්‍රපටය වියට්නාමයේ “නයින්-ඩෑෂ් ලයින්” ආරවුල මත  නිකුත් කිරීමේදී ගැටලුවලට මුහුණ දුන් පළමු චිත්‍රපටය නොවේ.

2019 දී ඩ්‍රීම්වර්ක්ස් මගින් නිපදවූ Abominable” චිත්‍රපටය ද එම හේතුව නිසාම තහනම් කරනු ලැබුවා.

ඊට අමතරව මෙම සිතියම අඩංගුව ඇතැම් දර්ශන හේතුවෙන් ඇතැම් රූපවාහිනී කතාමාලා ද වියට්නාමයේ තහනම් වූ අතර ඇතැම් ඒවාට දැනුම් දී තිබුණේ එම දර්ශන ඉවත් කරන ලෙසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තරුණියකගේ දුරකථයක් ඉස්සූ සොරාට ගම්මු එකතුවෙලා ගුටි පූජාවක් දෙයි
01:24
Video thumbnail
කැමරා ප්‍රදර්ශනයක් බලන්න ගිය සජිත්ව හතර වටින්ම වට කරගෙන කට්ටිය සෙල්ෆි ගහයි
02:51
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන ජාතික විද්වත් සංවිධානයේ ජාතික සමුළුව
00:00
Video thumbnail
ජාතික විද්වත් සංවිධානයේ වේදිකාවට ජනපති අනුර ගැම්මට ආපු හැටි - මිනිස්සු නැගිටලා ප්‍රීති ඝෝෂා නගයි
01:28
Video thumbnail
ලෝකයේ අර්බුදයක් තියෙනවා කියලා අපිට අමතකවෙලා - සමස්ත බර බදු මුදල්වලින් දරාගෙන ඉන්නේ
02:49
Video thumbnail
උඩුවර නව කොළනිය ගල් පෙරලීමේ අවදානමක්..තවත් ගල් ගැලවෙන්න පුළුවන් ?
00:51
Video thumbnail
"පුතේ ජීවිතේ කෙටි පාරවල් නෑ.."අගමැතිනිය ළමයි ඉදිරියේ කිව්ව සුපිරි කතාව
03:24
Video thumbnail
වෙස් මූණු බැඳන් ආවට මේ ඉන්නේ පරණ සුද්දවන්තයෝ - පොලිස්පතිව ඔඩොක්කුවේ තියාගෙන වැජඹෙන්න හදන්නේ
07:49
Video thumbnail
බස් රථයක් පුද්ගලයෙක්ව අනතුරට පත්කර පලා යන අයුරු - CCTV කැමරාවේ සටහන් වුණේ මෙලෙසින්
00:30
Video thumbnail
පාදයක ආබාධයක් සහිතව ආනපල්ලම ගමට කඩා වැදුණු අලියා - අලියගේ ජීවිතය අනතුරේ
00:36