“නයින්-ඩැෂ් රේඛාව” නිසා ‘බාබී’ චිත්‍රපටිය වියට්නාමයේ තහනම්

වෝර්නර් බ්‍රදර්ස් චිත්‍රපට සමාගම මහත් අපේක්ෂාවකින් යුතුව එළිදැක්වීමට සිටි බාර්බි” චිත්‍රපටය වියට්නාමයේ තහනම් කර ඇති බව නිව් යෝර්ක් පෝස්ට් වාර්තා කර තිබෙනවා.

ග්‍රේටා ගර්විග් විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටය ජූලි 21 වන දින වියට්නාමයේ සිනමාහල් වෙත පැමිණීමට නියමිතව තිබුණා.

ඒ ලොව පුරා බොහෝ රටවල මෙම චිත්‍රපටය තිරගත කිරීමේ කටයුතුවලට සමගාමීවයි.

කෙසේ වෙතත්, වියට්නාම රාජ්‍ය මාධ්‍ය නිවේදනය කළේ, වියට්නාමය ප්‍රකාශ කරන දකුණු චීන මුහුදේ චීනයේ භෞමික හිමිකම් නියෝජනය කරන රේඛා කොටස් සමූහයක් වන “නයින්-ඩැෂ් රේඛාව” භාවිත කරන සිතියමක් ඇතුළත් දර්ශනයක් හේතුවෙන් චිත්‍රපටය නිකුත් නොකරන බවයි.

පෙන්නුම් කර ඇති එම සිතියම මගින් වියට්නාමයේ ස්වෛරීභාවය උල්ලංඝනය කරන බැවින් ඒ සඳහා බලපත්‍ර ලබා නොදෙන බවයි ඔවුන් පවසන්නේ.

මෙම තීරණය දැන් ඇත්තේ වියට්නාමයේ ජාතික චිත්‍රපට ඇගයීම් කවුන්සිලය විසින්.

වියට්නාමයේ මහාද්වීපික රාමුවට අයත් තෙල් සම්පතින් අනූන කොටසක් අන්තර්ගත වන අයුරින් අදාළ රේඛාව U හැඩයෙන් යුතුව සිතියම් මත ප්‍රථම වරට දක්නට ලැබුණේ 1947 දීයි.

නිව් යෝර්ක් පෝස්ට් පුවත්පතට අනුව, මෙම රේඛාව බෙහෙවින් මතභේදයට තුඩු දී ඇත්තේ තායිවානය, පිලිපීනය, බෲනායි, මැලේසියාව සහ වියට්නාමය ඇතුළු චීනයේ අසල්වාසීන් බොහෝමයක් භෞමික හිමිකම් සඳහා මෙම රේඛාවට තරඟ කිරීම හේතුවෙන්.

මෙම රේඛාව සම්බන්ධ කටයුතුවලදී කටයුතුවලදී චීනයට එල්ල වන්නේ දැඩි විවේචනයක්.

“බාර්බි” චිත්‍රපටය වියට්නාමයේ “නයින්-ඩෑෂ් ලයින්” ආරවුල මත  නිකුත් කිරීමේදී ගැටලුවලට මුහුණ දුන් පළමු චිත්‍රපටය නොවේ.

2019 දී ඩ්‍රීම්වර්ක්ස් මගින් නිපදවූ Abominable” චිත්‍රපටය ද එම හේතුව නිසාම තහනම් කරනු ලැබුවා.

ඊට අමතරව මෙම සිතියම අඩංගුව ඇතැම් දර්ශන හේතුවෙන් ඇතැම් රූපවාහිනී කතාමාලා ද වියට්නාමයේ තහනම් වූ අතර ඇතැම් ඒවාට දැනුම් දී තිබුණේ එම දර්ශන ඉවත් කරන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චැනල් දෙකකට ලාල්කාන්තගෙන් සැර සත්තමක් - විපක්ෂයේ හ#තුරොත් එක්ක මිතුරුකම් කරන ගොවියන් ගැන කණගාටුයි
03:21
Video thumbnail
විපක්ෂයේ අනුර අතුරුදන් වුණාට පස්සේ තමයි රටට මෙහෙම වුණේ - ආණ්ඩුවට තියෙන්නේ හිතෙන සූත්‍රයක්..
04:27
Video thumbnail
ඩෙංගු වසංගතය ගැන රාජිත කළ හෙළිදරව්ව - ඩෙංගුවලින් මිදෙන්න නම් විපක්ෂය හිරේ යන්න ඕනි
21:48
Video thumbnail
කොහොමද පොලිස් චණ්ඩි දාන සත්තම
01:26
Video thumbnail
මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලට ගිලන් රථයක්
00:38
Video thumbnail
මගී ජීවිත තුට්ටුවකට දාලා බස් මහපාරේ කරන සෙල්ලම බලන්නකෝ
00:12
Video thumbnail
පොසොන් බලන්න ගිය පවුලට අත්වූ බිහිසුණු ඉරණම
01:31
Video thumbnail
හාල්දීලා රාජ්‍ය සේවකයා හෑල්ලු කරන්න එපා - හිඟාකන දීමනා ගන්න බලාපොත්තු වෙන්නේ නෑ
07:14
Video thumbnail
උසාවි පෙන්නුවට නාමල් බය නෑ..නාමල් කියන්නේ මහින්දගේ පුතා - ආණ්ඩුව අත තිබ්බේ වැරදි තැනකට
03:42
Video thumbnail
කොහොමද පොලිස් චණ්ඩි දාන සත්තම - උඹ කොහොමද එහෙම ග#න්නේ ප#..ඔයා හරියට ඩියුටි කරන්නේ නෑ
03:02