පොලී අනුපාත තවත් අඩුවිය හැකි බව මහ බැංකු අධිපති කියයි

මේ වන විට පහළ දමා ඇති පොලී අනුපාත තවදුරටත් අඩුවිය හැකි බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

සී.එන්.බී.සී පුවත් සේවයේ වැඩසටහනට එක්වෙමිනුයි මහබැංකු අධිපතිවරයා මේ බව සදහන් කළේ.

මහබැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය අඛණ්ඩව දෙවන මාසයටත් සියයට 12 සිට සියයට 11 දක්වා පහත හෙලීමට තීරණය කළා.

මෙම අනුපාත පහත දැමීම තවදුරටත් සිදුවනු ඇති බවයි සී.එන්.බී.සී පුවත් සේවයේ ස්ක්වාක් බොක්ස් ආසියා වැඩසටහනට එක්වෙමින් මහබැංකු අධිපතිවරයා කියාසිටියේ.

එසේම මෙරට ආර්ථිකයේ ප්‍රකෘත්තිමත් වීම වසරේ දෙවන අර්ධයේදී දැකගත හැකි බවද මෙම සාකච්ඡාවේදී මහබැංකු අධිපතිවරයා සදහන් කළා.

මාධ්‍යවේදියා – අධිපතිතුමනි, ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයන්ගේ පාරිභෝගිකයන්ගේ ප්‍රතිචාර ඔබතුමා කොහොමද දකින්නේ.?

මහබැංකු අධිපතිවරයා – මීට කළින් රටේ තිබුණු තත්ත්වය වගේම වර්ථමානය තත්ත්වය ගැන සැළකීමේදී ඇත්තටම ආහාර හිඟයක් නැහැ. ඒ වගේම ඉන්ධන, ගෑස්, හිඟයකුත් නැහැ. ඒවායේ මිල පහළ ගිහිල්ලා. තවදුරටත් මිල පහළ යමින් පවතිනවා. ඒ වගේම ආනයන සීමා බොහෝමයක් නිදහස් කරලා තියෙනවා. ඉදිරියටත් ආනයන සීමා ලිහිල් කිරීමට කටයුතු කරනවා. ඒ වගේම රුපියල සහ කොටස් වෙළදපොල ශක්තිමත් වෙලා තියෙනවා.ඒක ආයෝජකයින්ගේ වගේම ජනතාවගෙත් සතුටට හේතුවක්. ආර්ථිකය ශක්තිමත්වීම ඉදිරියටත් සිදුවෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස්පතිට විරුද්ධව මානව හිමිකමට පැමිණිල්ලක්
06:10
Video thumbnail
විහිළුකාර වැඩ බැරි ටාසන්ලා මේ ආණ්ඩුවේ ඉන්නේ
03:26
Video thumbnail
මහින්දට සල්ලි දුන්නා කියලා බලෙන් ප්‍රකාශය අරන් තියෙන්නේ
06:38
Video thumbnail
ට්‍රාන්ස්ෆෝමරයක් රැගෙන ගිය ලොරියක් බිහිසුණු අනතුරකට මුහුණදෙයි
01:03
Video thumbnail
මෝ#යො ටිකක් හිතාගෙන ඉන්නේ ලෝකෙ තියෙන්නේ ලංකාව ඇතුළේ කියලා..විපක්ෂයට සැර සත්තමක්
05:55
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.19
06:55:28
Video thumbnail
RDA කරපු කැත වැඩක් නිසා මිනිස්සු නොසන්සුන් වෙයි..ආ ගන්න Photo..ගන්න මගේ Photo..
06:15
Video thumbnail
ආණ්ඩුවට බැනලා වැඩක් නෑ - මිනිස්සු නිකන් බයවෙනවනේ
03:45
Video thumbnail
රංගට කිසිම අයිතියක් නෑ එහෙම ත#ජනය කරන්න..අධ්‍යක්ෂ ජනරාල් වහාම ඉල්ලා අස්වෙන්න
09:11
Video thumbnail
කෙඳිරි ගාන්න එපා ජනාධිපතිතුමෝ - සුගීෂ්වර සැරටම කියයි
06:38