ඉන්දියාවේ ටග් යාත්‍රාවක් ශ්‍රී ලංකාවේ වෙරළට ගොඩගසයි

ඉන්දියාවට අයත් බවට සැළකෙන විශාල ප්‍රමාණයේ ටග් බෝට්ටුවක් (Tug Boats) මන්නාරම නඩුකුඩා වෙරළ තීරයට ගොඩගසා තිබෙනවා.

පොලිසිය පැවසූවේ වෙරළ සීමාවට ගොඩගසා තිබූ නැව නාවික හමුදා යාත්‍රාවක් මඟින් ඇදගෙන වෙරළට රැගෙන ආ බවයි.

නැව්වලට භාණ්ඩ පැටවීමට හා ජලය වැනි දෑ රැගෙන යාමට මෙම බෝට්ටු භාවිතා කෙරෙනවා.

මෙම ටග් යාත්‍රාව කිසිවෙකුත් නොමැතිව පාවී ඒමට විශේෂ හේතුවක් තිබය යුතු අතරම එහි සිටි අයට යම් කරදරයක් සිදුවී ඇත්දැයි යන්න පිළිබඳව නාවික හමුදාව විසින් සෝදිසි මෙහෙයුමක් ද ක්‍රියාත්මක කර තිබෙනවා.

මේ දිනවල ඉන්දීය සාගර කලාපයේ පැවති අධික සුළං තත්ත්වය මත අදාළ යාත්‍රාව සුළි කුණාටුවකට ලක්ව මෙරට මුහුදු සීමාවට ගොඩගසන්නට ඇති බවටයි සැක මතුවී ඇත්තේ.

අදාළ ටග් යාත්‍රාව සම්බන්ධයෙන් නාවික හමුදාව විසින් ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් වෙත දැනුම් දී ඇති අතර එය තලෙයිමන්නාරම් පොලිසියේ අධික්ණය යටතේ නඩුකුඩා මුහුදු තීරයේ නැංගූරම් ලා තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් තලෙයිමන්නාරම පොලිසිය හා නාවික හමුදාව පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
8
+1
5
+1
2
+1
5
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සීදුව ස්කාගාර හංදියේ දී තුන්සක රියක් උඩු යටිකුරුවෙයි.."වැස්සත් එක්කනේ..එන ගමන් වැදිලා"
01:27
Video thumbnail
Kasthirama |තේමාව - රණබිම මැද - විදෙස් තර්ජන / ගර්ජන පරාජය කළ හැටි කස්තිරම විශේෂ වැඩසටහන
01:27:18
Video thumbnail
අමෙරිකාව කිව්වා යුද්දය නවත්තන්න කියලා..මහින්ද රාජපක්ෂ ඒකට විරුද්ධ වුණා
04:22
Video thumbnail
කොටි එක්ක යුද්ද කරන්න එපා..අනිවාර්යෙන් පරදිනවා කියලා කිව්වේ..අවි දුන්නට උණ්ඩ දෙන්න බෑ කිව්වා
06:32
Video thumbnail
හේමරතන හිමි රැගෙන එන මොහොතේ අධිකරණය ඉදිරිපිට උණුසුම් ?
00:33
Video thumbnail
ජනපතිගේ අතින් අල්ලන්න ජනතාව සෙනඟ පීරගෙන එයි
00:47
Video thumbnail
නිකාය මාරු කරපු අම්පිටියේ සුමනරතන හිමිගේ රතු කට්ට පනී..මහින්ද රාජපක්ෂ තමයි රටේ රජා
03:45
Video thumbnail
ජනපති අනුර නිලධාරින්ගෙන් ප්‍රශ්න කරයි..ගල් වැටි දාලා සාර්ථක වුණ තැනක් පෙන්වන්න මට..වැඩක් නෑනේ
04:46
Video thumbnail
සිංහල දෙමළ මුස්ලිම් කියලා පරිපාලන ව්‍යුහ ඕනි නෑ..රණ්ඩු වුණත් කමක් නෑ අපි එකඟතාවයෙන් කරමු
05:44
Video thumbnail
"අපිට ඕනි වෙන්දේසිකාර නායකයෝ නෙවෙයි"..හිමිනමක් පාලකයන් ගැන සැරටම කිව්ව කතාව
06:06