හිමිනමකට සහ කතුන් දෙදෙනෙකුට තැලූ සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුවකට

නවගමුව, ඉහළ බෝමිරිය, ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක දී හිමිනමකට සහ කාන්තාවන් දෙදෙනෙකුට පහර දුන් සිද්ධියට මේ වනවිට සැකකරුවන් අටදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව නවගමුව පොලිසිය සඳහන් කළා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අද (08) දිනයේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමෙන් පසු හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

විහාරස්ථානය තුළදී පහරකෑමට ලක්වූ කාන්තාවන් දෙදෙනා ප්‍රතිකාර ලබා නවගමුව රෝහලෙන් පිටව ගොස් ඇති අතර, ඔවුන් දෙදෙනා ද අද දිනයේ පොලිස් ස්ථානය වෙත කැඳවා ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස පහරකෑමට ලක්වුණේ පල්ලේගම සුමන නැමැති භික්ෂුවක්.

පිරිසක් විසින් විහාරස්ථානය තුළදී හිමිනමට සහ කාන්තාවන් දෙදෙනාට පහරදෙන ආකාරය දැක්වෙන අදාළ සිදුවීමේ වීඩියෝවක් මේ වනවිට සමාජ ජාල මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.

මේ අතර භික්ෂූන්වහන්සේ නමකට හා කාන්තාවන් දෙදෙනෙකුට නිරුවත් කර පහරදුන් පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පොලිසියට නියෝග කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
34
+1
23
+1
238
+1
20
+1
11
+1
24
+1
39
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සීදුව ස්කාගාර හංදියේ දී තුන්සක රියක් උඩු යටිකුරුවෙයි.."වැස්සත් එක්කනේ..එන ගමන් වැදිලා"
01:27
Video thumbnail
Kasthirama |තේමාව - රණබිම මැද - විදෙස් තර්ජන / ගර්ජන පරාජය කළ හැටි කස්තිරම විශේෂ වැඩසටහන
01:27:18
Video thumbnail
අමෙරිකාව කිව්වා යුද්දය නවත්තන්න කියලා..මහින්ද රාජපක්ෂ ඒකට විරුද්ධ වුණා
04:22
Video thumbnail
කොටි එක්ක යුද්ද කරන්න එපා..අනිවාර්යෙන් පරදිනවා කියලා කිව්වේ..අවි දුන්නට උණ්ඩ දෙන්න බෑ කිව්වා
06:32
Video thumbnail
හේමරතන හිමි රැගෙන එන මොහොතේ අධිකරණය ඉදිරිපිට උණුසුම් ?
00:33
Video thumbnail
ජනපතිගේ අතින් අල්ලන්න ජනතාව සෙනඟ පීරගෙන එයි
00:47
Video thumbnail
නිකාය මාරු කරපු අම්පිටියේ සුමනරතන හිමිගේ රතු කට්ට පනී..මහින්ද රාජපක්ෂ තමයි රටේ රජා
03:45
Video thumbnail
ජනපති අනුර නිලධාරින්ගෙන් ප්‍රශ්න කරයි..ගල් වැටි දාලා සාර්ථක වුණ තැනක් පෙන්වන්න මට..වැඩක් නෑනේ
04:46
Video thumbnail
සිංහල දෙමළ මුස්ලිම් කියලා පරිපාලන ව්‍යුහ ඕනි නෑ..රණ්ඩු වුණත් කමක් නෑ අපි එකඟතාවයෙන් කරමු
05:44
Video thumbnail
"අපිට ඕනි වෙන්දේසිකාර නායකයෝ නෙවෙයි"..හිමිනමක් පාලකයන් ගැන සැරටම කිව්ව කතාව
06:06