දැරියන් දෙදෙනා සමග දිවි නසා ගන්න හැදූ වරෙන්තුකාර පියා රිමාන්ඩ්

වැල්ලම්පිටිය තෙල් සංස්ථාව ඉදිරිපිට මාර්ගයේදී තම දියණියන් දෙදෙනා සමග දිවි නසා ගැනීම උත්සාහ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විවෘත වරෙන්තුකරු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

සැකකරු ඊයේ (06) සවස පාසල් නිල ඇඳුමින් සැරසුණු දැරියන් දෙදෙනෙකු සමග මාර්ගයේ වාඩි වී දිවි නසා ගැනීමට උත්සාහ කරන බවට කොළඹ අපරාධ කොට්ඨාසය වෙත ලැබුණු පණිවුඩයකට අනුවයි විමර්ශන ආරම්භ වී තිබුණේ.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් කළ සොයා බැලීමේදී හෙළිවී ඇත්තේ සැකකරු බිම වාඩි වී තම කකුල් මත දැරියන් දෙදෙනා ද හිඳුවාගෙන පෙට්‍රල් පිරවූ බෝතලයක් එක් අතෙක තබාගෙන අනෙක් අතින් ලයිටරයක් ද රැගෙන සිටින බවටයි.

එම පුද්ගලයා තවත් පෙට්‍රල් පිරවූ බෝතලයක් තමා අසල තබාගෙන තිබූ අතර තමාට අසාධාරණයක් සිදුවූ බැවින් ඊට සහනයක් ලබා නොදෙන්නේ නම් දිවි නසා ගන්නා බවටයි තර්ජනය කර ඇත්තේ.

ඔහු මාර්ගයේ ගමන් ගන්නා වාහනවලට සහ මහ ජනතාවටඑ අවහිර වන ලෙසට හැසිරීම හේතුවෙන් පොලිස් නිලධාරීන් ඔහු අත තිබූ පෙට්‍රල් බෝතල් දෙක සහ ලයිටරය සිය භාරයට ගෙන තිබුණා.

අනතුරුව දිවි නසා ගැනීමට තැත් කිරීම සහ ළමුන් කෘරත්වයට පත් කිරීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔහු ළග සිටි අවුරුදු 10 සහ 7 වයස්වල පසුවන ගැහැණු ළමුන් දෙදෙනා ද ආරක්ෂාව සඳහා පොලිස් භාරයට ගෙන තිබෙනවා.

36 හැවිරිදි සැකකරු මීතොටමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පොලිසිය කළ විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ මෙම පුද්ගලයාට එරෙහිව අධිකරණයේ පවතින නඩු 7ක් සඳහා වරෙන්තු නිකුත් කර ඇති අයෙක් බවටයි.

ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් ගොස් ඇති අතර එහිදී පළා ගිය සැකකරු මෙලෙස ප්‍රසිද්ධ ස්ථානයකට පැමිණ පීඩාකාරී ලෙසට හැසිරී ඇති බවටයි පොලිසිය සිදු කළ විමර්ශණයේදී අනාවරණ වී ඇත්තේ.

ගෙවල් බිඳුම් 2ක්, බෝම්බයක් සන්තකයේ තබා ගැනීම සහ මත්ද්‍රව්‍ය නඩු 6ක් සම්බන්ධව ලේඛනගත වූ අපරාධකරුවෙකු බවට ද මෙම පුද්ගලයා හඳුනාගෙන ඇති බවයි පොලිසිය කියාසිටියේ.

සැකකරු ළමුන් කෘරත්වයට පත් කිරීම හා තවත් චෝදනා යටතේ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නියෝග කර ඇත්තේ ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.

දැරියන් දෙදෙනා පරිවාස භාරයට පත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
1
+1
2
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෝඨාභය, නාමල්, මෛතිපාල ඇතුළු ප්‍රබලයින් රැසක් GMOA ශත සංවත්සර සැමරුමට එයි
07:09
Video thumbnail
මහින්ද වගේ සිංහයෙක් ආසියාවෙම නෑ..අපේ සිංහයා..මහින්ද මහත්තයට අත තිබ්බොත්.. ආයුද ගන්නවා
01:14
Video thumbnail
පළාත් සභා සාර්ථක System එකක් නෙවෙයි..හිටපු ආණ්ඩුකාරවරියකගෙන් සැර පිළිතුරක්
04:37
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36
Video thumbnail
ගොයම් කන ටොම්පචයන්ට ඡන්දය පාවා දෙන්න එපා - සජිත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම කියයි
07:40
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23