සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු කඩිනමින් විසඳීමට පියවර

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු පිළිබඳ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා විසින් කැඳවන ලද සාකච්ඡාවක් අද (07) ජනාධිපති කාර්යාලයේ දී පැවැත් වුණා.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේ දී සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ වැදගත් කරුණු ගණනාවක් පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඖෂධ හිඟය, වෛද්‍ය උපකරණ පිළිබඳ ගැටලු, ඖෂධවල ප්‍රමිතිය සහ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආශ්‍රිත ගැටලු කඩිනමින් නිරාකරණය කර ගැනීම පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් වී තිබෙනවා.

සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව පළ වන මාධ්‍ය වාර්තාවල සත්‍ය අසත්‍යතාවය කඩිනමින් සොයා බලා යම් අඩු පාඩු සිදුව ඇත්නම් කඩිනමින් ඒ පිළිබඳ අවධානය යොමු කර ජනතාවට සහන සැලසීමට කටයුතු කරන ලෙසටයි සාගල රත්නායක මහතා විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ.

නිදහස් සෞඛ්‍ය සේවය කිසිදු කප්පාදුවකින් තොරව රටේ සියලූම ජනතාවට උපරීම සුව සහන ලැබෙන ආකාරයෙන් පවත්වාගෙන යාම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රජයේ ප්‍රමුඛ අභිලාශය බව ද ඒ මහතා සඳහන් කළා.

ආර්ථික අර්බුදය හේතුවෙන් පසුගිය සමය තුළඳී සෞඛ්‍ය අමාත්‍යංශයේ සැපයුම්කරුවන් සඳහා මුදල් ගෙවීමේ ප්‍රමාදයක් සිදුවී ඇති අතර මෙම වසර ආරම්භයේ සිට එම හිඟ මුදල් ක්‍රමානුකූලව පියවීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් මත මුදල් අමාත්‍යංශය විසින් කටයුතු කර තිබෙන බවද මෙහිදී අනාවරණය වුණා.

දැනට සෞඛ්‍ය අමාත්‍යංශයේ වියදම් මූල්‍යනය කිරීම සඳහා ඇති දුෂ්කරතාවයන් සඳහා ජාත්‍යන්තර සංවිධාන සමඟ සාකච්ජා කොට හැකි උපරීම සහාය ලබාගැනීමටද මෙම සාකච්ජාවේදී තීරණය වී තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යංශයේ කිසියම් හෝ නොසැලකිල්ලකින් කවර හෝ රෝගියෙකුට යම් පීඩාවක් සිදුවන්නේ නම් ඒ පිළිබඳව නිදහසට කරුණු ප්‍රකාශ කර සිටීමෙන් වැළකී රෝගියාගේ සුව පහසුව උදෙසා අවශ්‍ය පියවර ගත යුතු බවයි ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා එහිදී අවධාරණය කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විජයග්‍රහණයේ අභිමානවත් 17 වන සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් සජීවීව
00:00
Video thumbnail
යුද්ධයට අණදුන් හමුදාපතිවරු රණවිරු සැමරුමට ආ හැටි
01:44
Video thumbnail
විමල්ට මල් තියන්න නොදුන් රජය ත්‍රස්තවාදීන් සමරන්න දුන්නා..තවත් ප්‍රභා කෙනෙක් ජනිත වීම වළක්වන්න බෑ
06:56
Video thumbnail
චාමර සම්පත්ගේ කතාවෙන් ප්‍රසාද්ට හොඳටම හිනා
13:22
Video thumbnail
සුජීව නැගිටලා ආණ්ඩුවට සැරටම දෙසයි - "මට බනිනවා උඹට පාන්ද කියලා,අපිට නෙවෙයි පාන්"
08:23
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.05.19
01:04:28
Video thumbnail
නාමල්ව ම##න මට පුළුවන් - අර්චුනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
01:37
Video thumbnail
උසාවියට ආ චාමර සම්පත් කිව්ව දේ.."ඔයාගේ රස්සාව අපෙත් මේක රස්සාව තමයි..රණවිරු සැමරුමට අපිට කියලා නෑනේ"
01:27
Video thumbnail
අනුර විශ්‍රාමික ත්‍රස්තවාදියෙක් - රණවිරුවන්ට එරෙහිව ආයුධ අතට ගත්තා
01:42
Video thumbnail
නාමල් ආණ්ඩුවේ කට්ටියට කට උත්තර නැතිවෙන්නම දෙයි
09:04