නයිජීරියානු ජාතිකයෙකුට ශ්‍රී ලංකාවේදී මරණ දඬුවම

කොකේන් ග්‍රෑම් 245කට අධික ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු නයිජීරියානු ජාතිකයෙකුට කොළඹ මහාධිකරණය මරණ දඬුවම නියම කර තිබෙනවා.

කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බළල්ලේ මහතා විසිනුයි අද මෙම තීන්දුව ලබා දුන්නේ.

2016 වසරේ මැයි මස 27 වන දා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් මෙම විත්තිකාර නයිජීරියා ජාතිකයා කොකේන් කිලෝ එකයි ග්‍රෑම් 744ක් සමග රාජගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණා.

පසුව රජයේ රස පරීක්ෂකවරයා විසින් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් දැනුම්දී තිබුණේ එහි අන්තර්ගත ශුද්ධ කොකේන් ප්‍රමාණය ග්‍රෑම් 245.19ක් පමණක් බවයි.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇතැයි සඳහන් කළා.

විත්තිකරු අධිකරණය හමුවේ ප්‍රකාශයක් සිදු කරමින් සඳහන් කළේ තමන් මෙම වරද සිදු නොකළ බවයි.

එම කරුණ ද සටහන් කරගත් මහාධිකරණ විනිසුරුවරයා අනතුරුව විත්තිකරුට මරණ දඬුවම නියම කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාලයට වැසි වැටේවා. කෙත්වතු සශ්‍රීක වේවා. ලෝකයා සතුටින් සිටීවා. රජු ධාර්මික වේවා.
00:24
Video thumbnail
සජිත්ගේ කතාවට බිමල් සැර වෙයි - මන්ත්‍රීවරුන්ව එහෙම කැඳවන්න බෑ
11:19
Video thumbnail
කොළඹ - ගාල්ල ප්‍රධාන මාර්ගයට ගලා ආ මුහුදු ජලය කළ විනාශය - ධාවන කටයුතුවලටත් බාධා
07:29
Video thumbnail
නීතිඥ සංගමය පාර්ලිමේන්තුවට එනවා - සජිත්ගෙන් ආරාධනාවක්
19:12
Video thumbnail
විපක්ෂ නායක සජිත් දෙමළ හා මුස්ලිම් මන්ත්‍රීවරුන් හමුවෙයි
04:32
Video thumbnail
දයාසිරිගෙන් පරිස්සම් වෙන්න - ගොඩපෙරකදෝරුවන්ගෙන් උපදෙස් ගන්න එපා
04:19
Video thumbnail
බන්ධනාගාරයේ සිට අලුත් ලුක් එකකින් චමින්ද විජේසිරි පාර්ලිමේන්තුවට
00:22
Video thumbnail
රජයෙන්ම යැපුණු සෙට් එක දැන් කලබල වෙලා
04:18
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.19
00:00
Video thumbnail
දැඩි නියං කාලගුණය නිසා තිසා වැවේ ජල මට්ටම පහළට
01:08