පාස්කු නඩුවෙන් හේමසිරි සහ පූජිත් නිදහස් කිරීමට එරෙහි අභියාචනා පෙත්සම් විභාගය ඇරඹෙයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම කිරීම තුළින් රාජකාරිය සාපරාධි ලෙස පැහැර හැර මිනීමැරීම, සහ ආධාර අනුබලදීම ඇතුළු චෝදනාවලින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් කර තිබෙන අභියාචනා පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම අද (04) ආරම්භ වුණා.

ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ, කුමුදුනී වික්‍රමසිංහ, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම් විභාගය පැවැත්වෙනවා.

මෙහිදී අදාළ අභියාචනා ඉදිරිපත් කළ නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන කරුණු ඉදිරිපත් කිරීම ආරම්භ කළා.

අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා සිය කරුණු දැක්වීම් වලින් කියා සිටියේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 855 යටතේ වෙන් වෙන් වශයෙන් කොළඹ මහාධිකරණය හමුවේ නඩු දෙකක් පවරනු ලැබූ බවයි.

විත්තිකරුවන්ට එරෙහි චෝදනා විහිදී තිබෙන ආකාරය පිළිබඳ විස්තර කළ අතිරේක සොලිස්ටර් ජෙනරාල්වරයා කොළඹ හා තදාසන්න ප්‍රදේශවල සිදුවූ පිපිරීම් 07 ක් තුළින් පුද්ගලයින් මරණයට පත්වීම, තුවාල වීම, රාජකාරිය සාපරාධි ලෙස පැහැර හැරීම, ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා ඔවුන් වෙත එල්ල වී තිබූ බවත් පැවසුවා.

මෙම නඩුවේ විභාගය කොළඹ මහාධිකරණය හමුවේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ පැවති බව ඔහු පෙන්වා දුන්නා.

පැමිණිල්ලේ සාක්ෂි මෙහෙයවීම අවසන් වීමෙන් පසුව විත්තිවාචකය කැඳවීම හා දේශන ඉදිරිපත් කිරීම සාමාන්‍ය නීතිමය පටිපාටිය වුවත් එම පටිපාටීන් ඉවත දැමූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට තීන්දු කළ බවත් පැවසුවා.

මෙහිදී විනිසුරුවරු මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අතිරේක සොලිස්ටර් ජෙනරාල්වරයා පැවසුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය අවසන් වීමෙන් පසුව විත්තිකරුවන් නිදහස් කරන ලෙස ඔවුන්ගේ නීතිඥවරු පවා අධිකරණය හමුවේ ඉල්ලීම් ඉදිරිපත් නොකළ බවයි.

විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරමින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල දුන් තීන්දුව තුළින් පැමිණිල්ලට සාධාරණ නඩු විභාගයක් නොලැබුණු බවත් එම තීන්දුව නීතියට පටහැනි බවත් අතිරේක සොලිස්ටර් ජෙනරාල්වරයා තර්ක කළා.

වැඩිදුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට විත්තිකරුවන් කටයුතු නොකළ බව චෝදනා කළා.

මෙම විත්තිකරුවන් දෙදෙනා රජයේ ඉහළ නිලතල දැරූ පුද්ගලයින් වන අතර ඔවුන්ට සිය රාජකාරිය පැහැර හරිමින් නොසැලකිලිමත් ලෙස කටයුතු කිරීමට හැකියාවක් නොමැති බව පෙන්වා දුන් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් ඔවුන් දෙදෙනා එක්ව හෝ වෙන් වෙන් වශයෙන් සිය රාජකාරිය සාපරාධි ලෙස පැහැර හැරීම හේතුවෙන් මෙම ඛේදවාචකය උද්ගත වූ බවත් සඳහන් කළා.

එම ප්‍රකාශයට විරෝධය පළ කළ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා කිසිදු ආකාරයකින් රාජකාරිය පැහැර හැරීම සිදුකර නොමැති බව පැවසුවා.

රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියාගෙන් ප්‍රහාරය පිළිබඳ තොරතුරු මුලින්ම සිය සේවාදායකයාට ලැබුණේ 2019 වසරේ අප්‍රේල් මස 07 වනදා වන අතර එය ලද විගස වැඩිදුර කටයුතු කිරීම සඳහා එය එවක ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් වෙත යොමු කිරීමට ඔහු කටයුතු කළ බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා.

ඒ අනුව තම සේවාදායකයා කිසිදු ආකාරයකින් රාජකාරිය පැහැර හැරීමක් සිදුකර නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා.

සහරාන් හෂීම් පිළිබඳව සියලු දෙනා 2017 වසරේ සිට දැනසිටි බවත් ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානි නිලන්ත ජයවර්ධන වෙත ලැබී තිබුණේ තොරතුරක් මිස බුද්ධි තොරතුරක් නොවන බවත් ජනාධිපති නීතිඥවරයා කියා සිටියා.

ඉන් අනතුරුව වැඩිදුර නඩු විභාගය හෙට දින දක්වා කල් තැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.20
01:01:04
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට දුන්න සුද්දය
01:08
Video thumbnail
උසාවියට රැගෙන ආ සලේ STF ආරක්ෂාව මැද යළි රැගෙන යන හැටි
01:37
Video thumbnail
වාහන ගෙන්වීමේදී ලොකු අක්‍රමිකතාවක් වෙලා..ආණ්ඩුව බැලුවේ සීමා කරන්න
05:18
Video thumbnail
ජංගිවල හිල් කිව්ව ප්‍රබලයට කතක් රිදෙන්නම දෙයි.."ඔයා වෙනුවෙන් Design කරලා දෙන්නම් Underwear ටිකක්"
01:51
Video thumbnail
පාලකයන්ට ෆැරලයිස්ද ? හැඟීම් දැනීම් දැනෙන්නේ නැද්ද ? - බිහිසුණු ඉරණමක් අත්වූ කතක් මාධ්‍යය දෙවනත් කරයි
10:31
Video thumbnail
ඇල්ලු ආයුධ ගැන ජනපති හැමෝම ඉස්සරහා කියයි - මොකක්ද ඔබේ යුනිෆෝම් එකේ ඇති වගකීම ?
02:17
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක්..කට්ටිය හිනා වෙවී වැඩ
01:31
Video thumbnail
මාස 06 කාලය තුල ඇල්ලු මත්ද්‍රව්‍ය ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්..ආගමික ස්ථාන දක්වා ව්‍යසනය පැතිරිලා
03:55
Video thumbnail
ඩොලරයේ අර්බුදයට ජනපතිගෙන් පිළිතුරු.."තියෙන තෙරපුව කෙටි කාලයක් පාලනය කර ගත යුතුයි"
02:31