ජපානයේ ටෝකියෝ නගරයේ පිහිටි අවන්හලක පිපිරීමකින් අනතුරුව ගින්නක් හටගෙන තිබෙනවා.
ටෝකියෝ නගරයේ ෂිම්බාෂි දිස්ත්‍රික්කයේ පිහිටි අවන්හලක් තුල මෙලෙස පිපිරීම සිදුව ඇති අතර විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ ගින්නෙන් 4 දෙනෙකු තුවාල ලබා ඇති අතර එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි.
ගින්න නිවීම සඳහා ගිනි නිවන රථ 32ක් එම ස්ථානයට යොමු කර ඇති අතර ගින්නට හේතුව පිළිබඳව නිලධාරීන් පරීක්ෂණ පවත්වන බවයි.













